Monday, June 29, 2015

බ්‍රෙසියර් හෙවත් බ්‍රා



තරුණියන් අඳින , තරුණයින් වැඩි උනන්දුවකින් සොයා බලන බ්‍රෙසියර් එහෙමත් නැත්න‍ම් බ්‍රා වශයෙන් හඳුන්වන කාන්තා යට ඇඳුම ගැන විස්තර සහිත ලිපියක් ලියන්න හිතාගෙන දැන් බොහෝ කාලයක් වෙනවා. මේ ලිපිය තුලින් බලාපොරොත්තුවෙන්නේ ඔබ නොදත් බොහෝ කරුණු ඉදිරිපත් කිරීමයි. 

ගාමන්ට් කොම්පැනියේ වැඩකිරීම නිසා මා දැනගත් බොහෝ දේවල් අතර බ්‍රෙසියර් නිෂ්පාදනය ඉතා සිත් ඇද ගත්තක් විය. ප්‍රමාණයෙන් කුඩා ඇඳුමක් මෙන්ම කාන්තාවන්/ තරුණියන්/ නව යුවතියන් සියල්ලන්ටම අත්‍යාවශ්‍ය ඇඳුමක් වුවද බොහෝ දෙනා නොදැනුවත් කම නිසා ඔහේ අහුවෙච්චි එකක් ඇඳගෙන යාමට පුරුදුවී ඇත.

තැනට හා ඇඳුමට ගැලපෙන බ්‍රෙසියර් (බ්‍රා) එකක් නොඇඳීමෙන් බොහෝ තැණියන් තමාගේ සුන්දරත්වය නැති කරගන්නවා මෙන්ම අවලස්සනක්, කාමුකත්වයක් හෝ විකාරරූපී බවක් ද විටෙක ඇති කරගන්නවා. කැෂුවල් ෆ්රයිඩේ දිනවලදී කොළඔ හා අවට ඔෆිස් වල තරුණියන් ඇඳගෙන එන කැෂුවල් ඇඳුම් හා ඒවාට යටින් ඇඳගෙන එන නොගැලපෙන බ්‍රා වර්ග නිසා ඔවුන් විටෙක කාමුක බවක් ඇති කරගන්නවා. කොල්ලෝ නම් වැඩියෙන්ම කැමති සිකුරාදාට ඒකයි. ඇඟට හිර ඔෆිස් ටී ෂර්ට් එකක් ඇඳන් ඊටයටින් වයර්ඩ් පුෂ් අප් (Wired Push-up) බ්‍රා එකක් ඇඳන් ආවාම පපුව ලස්සනට පේනවා. කෙල්ලෝ එහෙම එන එකට ආසා උනත් ඒක නිවැරදි ‍විලාසිතාව නොවෙයි. ටී ෂර්ට් එකට යටින් බ්‍රා එකේ පටි, දාර, සමනල කට් ජොයින්ට් පේන එක කැතයි. හැබැයි කාමුකයි.

ෆැෂන් එකක් විදියට බ්‍රා එකේ ප‍ටි පේන්න ඇඳීමත් දැන් දැන් විලාසිතාවක් වෙලා. ඒ තුලින් පොෂ් ගතියක් ඇති කරගන්න කෙල්ලන් අද උත්සාහකරනවා. ඒවගේම විවිධාකාර වර්ණ වලින් ඇඳීමත් දැන් විලාසිතාවක්. සාරි අඳින අයගෙන් බොහෝ දෙනෙකුගේ බ්‍රා පටි පේනෙන්නේ නිවැරදි බ්‍රා එකක් තෝරා නොගැනීම හින්දයි. ඒවගේම තමයි බටහිර රටවල දැන් දැන් බ්‍රා නැතුව ගමන් යාමටත් තරුණියන් ප්‍රියතාවයක් දක්වනවා. Crescat, Gall face ගියොත් ඹ්නෑ තරම් සාක්කි ඇස් පනා පිටම බලන්න පුලුවන්ත No Bra Day යනුවෙන් දිනයක් ද දැන් බටහිර ලෝකයේ සමරණවා. 

පොඩි ඇඳුමක් වුවතු බ්‍රා එකක් සෑදීමට කුඩා කොටස් 17 ක් අවශ්‍ය වෙනවා. ඒවාගේම තමයි ලෝකේ ඕනෑම කාන්තාවක්, තරුණියක්, නව යෞවනියක් මේ කාගේ වුවත් පියයුරු වර්ග තුනකට වර්ගී කරණය කළහැකියි. රටින් රට, ලොකු පොඩි, වයස් භේද, විවිධ හැඩයන් මේ මොකක් වුවත් ලෝකයේ කාන්තා පියයුරු වර්ග තුනකට ‍‍බෙදා වෙන් කළ හැකියි. 

1. Tear Drop  
2. Bullet
3     3. Pumpkin

Tear Drop - නව යුවතියන්ගේ වර්ධනය වෙමින් පවතින පියයුරු. හැඩයෙන් උල්වූ ආකාරයක් ඇත. වයස් ගත වුවද කෙ‍ට්ටු කාන්තාවක් නම් ඇගේ ඇත්තේ මේ වර්ගයයි. වැඩි කාමුකත්වයක් නැත.

Bullet - පතරොමක කෙළවර මෙන් වක්‍රාකාරව පිරී ඇති ස්වරූපයක් ගනී. කාන්තාවන් වැඩි පිරිසක් අයත් වන්නේ මේ වර්ගයටයි. Porn stars ලා කෘත්‍රීමව සාදාගන්නේ මේ හැඩයයි. තැඹිලි ගෙඩි වගේ යැයි කියන්නේ මේ වර්ගයටයි. වැඩිම කාමුකත්වයක් ඇත්තේ මේ වර්ගයේය.

Pumpkin - වට්ටක්කා මෙන් ඉතා විශාල, එල්ලා වැටෙන පියයුරුයි. මැදිවිය ඉක්මවූ හෝ තරබාරු තරුණියන්ට මේ වර්ගයේ පියයුරු පිහිටයි. නිවැරදිව බ්‍රා එකක් නො ඇන්දොත් අශෝභන ආකාරයක් පෙනෙයි.

ඔන්න ඔය වර්ග තුනට සියලු කාන්තා පියයුරු වර්ග කළ හැකියි. මේ හැඩයන්ට අනුව සාදා ගන්නා බ්‍රා කප් (Bra Cup) අච්චුවක් භාවිතා කොට විවිධ ප්‍රමාණයන්ගෙන් (Size) බ්‍රා නිපදීම සිදු කරයි. බ්‍රා කප් එකක් යනු පියයුර දරාගෙන එය ආවරණය කරගෙන සිටීමට භාවිතා කරනා කොටසයි.

ඔබ මොන ප්‍රමාණයක බ්‍රා එකක් ඇන්දත් ඉහත එක් වර්ගයක‍ට ඔබව අයත්වේ. දැනුමක් නොමැතිවීම නිසා බොහෝ තරුණියෝ කෝකටත් අඳින්නේ එකම බ්‍රා එකයි.

යට ඇඳුමක් වුවත් හැමවිටම යටට වී සිටින්නේ නැත. හෝදා වේලෙන්න වැලේ දැමූවිට රටටම එය පෙනේ. එවිට තම අසල්වාසීන්, දෙමවුපියන්, ‍සහෝදර සහෝදරියන් ගෙන් තමා වෙත එල්ලවිය හැකි චෝදනා හා වැරදි බැල්මට බය නිසාවෙන් බොහෝ තරණියෝ සම්මත තත්ත්වයේ බ්‍රා එකකින් තම සියලු අවශ්‍යතා සපුරා ගැනීම‍ට පෙළ‍‍ඹෙයි.

පහතින් දැක්වෙන්නේ විලාසිතා ලෝකයේ භාවිතා කරන බ්‍රා වර්ග 28 ක් හා ඒවායේ කෙටි විස්තරයකි.

Adhesive Bra
ශරීර හැඩය ගනී. පටි නැත. සිලිකන් වලින් හෝ කඩදාසි මිශ්‍රණයන්ගෙන් සාදයි. ශරීරයේ පාටට සමාන වර්ණ වලින් නිපදවයි. පියයුරු දරා සිටීමට වැඩි සහයෝගයක් නැත.

 

Bandeau Bra

ශරීරය වටා පටියක් (Band) එකක් ලෙස පවතී. පියයුරු දරා සිටීමට වැඩි සහයෝගයක් නැත. ශරීරයේ ලස්සන උද්දීපනය කිරීමක් ද නැත.


Belly Dance Bra

බැලේ නැටුම් නාට්‍යාංගනාවන් භාවිතා කරනා විශේෂ වර්ගයකි. කාම උද්දීපනයට භාවිතාවේ. එබැවින් නර්තනයන් සඳහා මිස සාමාන්‍ය භාවිතයට නොගැලපේ. නමුත් සාමාන්‍ය බ්‍රා එකකට වඩා හොඳින් ශරීරය ආවරණය කරයි. ඊට හේතුවන්නේ මෙය යට ඇඳුමක් නොවන නිසාය. 

Bridal Bra/Corset

මනාලියන්ගේ ගවුමට සුදුසු වන පරිදි සාදා ඇත. ශරීරය හැඩය ඉස්මතු කර පෙන්වීමට භාවිතා කරයි. සාමාන්‍ය බ්‍රා එකක් පියයුරු බර දරන්නේ කරට උඩින් ඇති පටි වලින් වුවත් මෙම වර්ගයේ දී පියයුරු බර දරන්නේ සම්පූර්ණ ඇඳුම් කට්ටලයම බැවින් මනාලියක් නමි ඇයට පියයුරු වල බර නොදැනෙන අකාරයට සකසා ඇත.
ලංකාවේ අපේ මනාලියන්ට මෙම වර්ගය භාවිතා කළ නොහැක්කේ සාරිය හා ඔසරිය ඇඳීමේදී ශරීරයේ පිට හා ඉන කොටස් නිරාවරණය වී පෙනීමයි. නමුත් Going away අඳිනා විට මෙම බ්‍රා වර්ගය ඇඳිය හැකිය.
මෙය කියනව ඔබත් මනාලියක් වූවානම්,  Going away frock එකට ඔබත් ඇන්දේ සාමාන්‍ය බ්‍රා එකක් නම් ඊට හේතුව ඔබේ නොදැනුවත් කම හා ලාංකීය Bridal dressers ලා ඒ පිලිබඳව නොදැනීම හෝ ඔවුන් ඒ පිළිබඳව කියා නොදැනීමයි. 

Built-in Bra

වෙනත් ඇඳුමක් යට්න් පිහිටන පරිදි සාදයි. මෙය යට ඇඳුමක් වශයෙන් හෝ බාහිර ඇඳුමක් වශයෙන් භාවිතා කළ හැකියි. එබැවින් වෙනමම බ්‍රා එකක් ඇඳීමට අවශ්‍ය නොවේ. බොහෝවිට බටහිර රටවල නව යුවතියන් මේ වර්ගය අඳිනු ලබයි.


Convertible Bra

මෙහි විශේෂත්වය වන්නේ කර පටි ගලවා වෙනස් ආකාරයට සවිකිරීමේ හැකියාවයි. අඳිනා ඇඳුමේ පි‍ට හෝ කර විවර වී පවතින ආකාරය අනුව තමන්ටම බ්‍රා පටි වෙනස් කර ගැනීමට මෙම වර්ගය නිසා හැකිවෙනවා. බොහෝ තරුණියන් විනිවිද පෙනෙනා බ්‍රා පටි අඳින්නේ මේ වර්ගය සමඟයි.
විලාසිතාවන්ට ගැලපෙන බ්‍රා තෝරා ගැනීමට නොදන්නා හෝ නොහැකි තරුණියන්ට වඩා සුදුසු වන්නේ මෙයයි.

Demi Bra

බ්‍රා කප් එකෙන් බාගයක් විවෘත වී පවතින පරිදි සාදා ඇත. පියයුර දරා සිටීමට දක්වන සහයෝගය අඩුයි. බ්‍රා පටි ඉතා ඈතින් පිහිටුවා ඇත. කාමුක බවක් ඇති කිරීම සඳහා පපු පුදේශය විවෘත කර පෙන්වීමට විශේෂයෙන් සාදා ඇත. 

Front Closure Bra

බ්‍රා පටි නොපෙනෙන ලෙසින් සාදා ඇත. මෙහි පිටුපස ප්‍රදේශයේ හැකිතරම් මැහුම් දාර නැතිව සාදා ඇති නිසා ඇඟට හිරවූ වෙනත් ඇඳුම් සමඟ ඇන්ද විට බ්‍රා එකේ හැඩය පිටේ නොපෙනෙයි.

Full Support Bra

පියයුරු වල බර සම්පූර්ණයෙන්ම දරා සිටීමට සාදා ඇත. දිනපතා භාවිතයට සුදුසුම ‍පියයුරු සෙඛ්‍යයට ඉතාම සුදුසු වන්නේ මෙයයි. නිමාවෙන් අලංකාර බවක් නොමැති නිසා බොහෝ දෙනාගේ ප්‍රියතාවයක් නැත.

Mastectomy Bra

සැත්කම් නිසා පියයුරු ඉවත් කළ කාන්තාවන්ට පියයුරු ඇත්තාසේ පෙන්වීමට සාදවා ඇත. සිලිකන් හෝ රබර් යොදා ව්‍යාජ පියයුරු නිපදවා ඇත.

Maternity Bra

ගර්භණී සමයේදී පියයුරු විටින් විට ලොකුවීම සිදු වන බැවින් අවස්ථානූකූලව ප්‍රමාණය වෙනස් කිරීමට හැකිවන පරිදි සාදා ඇත.  

Minimizer Bra

පියයුරේ ප්‍රමාණය කු‍ඩා කර පෙන්වීමට හැකි පරිදි සාදා ඇත. කප් සයිස් එක කුඩා කිරීමට හැකිවන පරිදි නිපදවා ඇති බැවින් විශාල පියයුරු ඇති අයට ඒවා කුඩා කර පෙන්වීමට භාවිතා කළ හැකිය.

Novelty Bra

උසස් තත්ත්වයන් හෝ  නව අදහසක් එලි දැක්වීමේ අරමුණෙන් නිපදවයි. සාමාන්‍ය අමුද්‍රව්‍ය වෙනුවට හම්, රෙක්සින් යොදා සාදා මුතු මැණික් රන් අල්ලා නිපදවයි.

 Nursing Bra

කිරිදෙන මව්වරුන්ට පහසුවන පරිදි නිපදවා ඇත. බ්‍රා එක නොගලවා කිරි දීමට හැකි පරිදි ඉදිරියෙන් විවෘත කල හැකි විවර සාදා ඇත.

Padded Bra

බ්‍රා කප් එකට යටින් කෘත්‍රීම පෑ‍ඩ් යොදා ඇත. නව යෞවනියන් තමාගේ කුඩා පියයුරු ලොකුවට ඇත්තා සේ පෙන්වීමට මෙය භාවිතා කරයි.
අසාමාන්‍ය ප්‍රමාණයේ පියයුරු ඇති ළාබාල යුවතිවන් අපි එදිනෙදා දකින්නේ මේවා නිසායි.

Peephole Bra

බ්‍රා කප් එක යාන්තමින් පියයුරු හා සම්බන්ධවේ. පියයුරේ බර උස්සාගෙන සිටීම ඉතා අඩුයි. ඉදිරියෙන් ඇති සිදුරක් මගින් පියයුරේ නිපල් එක එළිය‍ට එන පරිදි සාදා ඇත. එදිනෙදා භාවිතයට නුසුදුසුයි.
භාවිතා කරන්නේ කුමක් සඳහාද කියා ගූගල් කර සොයාගන්න. Playboy girls ‍බොහෝවිට අඳිනු ලබයි.


Push-up Bra

පියයුරු දෙක එකිනෙක තෙරපා, උස්සා, ඉදිරියට තල්ලුකර පෙන්විය හැකි පරිදි සාදා ඇත. පෑඩ්වලට රබර් හෝ ජෙල් වර්ග යොදා විශාල කොට දක්වා ඇත. ලංකාවේද බොහෝ වේගයෙන් ප්‍රචලිත වෙමින පවතින වර්ගයකි. ජාත්‍යන්තර වශයෙන්ද වැඩිම වශයෙන් නිෂ්පාදනය වන්නේ මෙයයි.

Racerback Bra

කරපටි දෙක බෙල්ලට ආසන්නයෙන් V හැඩයට පිහිටන ලෙසට සාදා ඇත. පිට හරහා බ්‍රා පටි ගමන් කරන්නේ මැදට වන්නටය. Sport bras නිපදවීමේදී මෙම පටි ක්‍රමය භාවිතා කරයි.

Shelf Bra

පියයුරේ සියලු ප්‍රදේශ විවෘතව පවතී. නිපල් ද සම්පූර්ණයෙන් විවෘතය. පියයුරට යටින් වයර් සහිත සැකිල්ලක් මගින් බර දරා සිටීම පමණක් සිදුවෙයි.

Softcup Bra

වයර් භාවිතයක් නොකරයි. ඒවෙනුවට පියයුරට යටින් ඇති බෑන්ඩ් එකක් මගින් බර දරා සිටියි.

Sport Bra

ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පරිදි පහසුවෙන් ශරීර චලනයන් සිදුකිරීමට සාදා ඇත.  පපුවේ වැඩි කොටසක් ආවරණය වන ලෙස සාදා ඇත. පියයුරු දැඩිව අල්ලාගෙන සිටින බැවින් පහසුවෙන් චලනයන් සිදු කළ හැකිය.

Strapless Bra

කරපටි නැත. පපුව විවෘතව පවතින ඇඳුම් සඳහා භාවිතා කළ යුතුයි. පියයුරුවල‍ට ‍එතරම් සහයෝගයක් නැත.

T-shirt Bra

මැහුම් දාර නොපෙනෙන ලෙස සාදා ඇත. ඇඟට හිරවූ ටී ෂර්ට් ඇඳීමේදී භාවිතා කළ යුත්තේ මෙයයි. පෑඩ් යෙදූ කප් ඇති නිසා බ්‍රා එකක් ඇන්ද බවක් නොපෙනෙන ලෙසට ටී ෂර්ට් එකක් හා ඇඳිය හැකියි.

Trainer Bra

පියයුරුවල‍ට ‍එතරම් සහයෝගයක් නැත. බ්‍රා ඇඳීමට ආධුනික යුවතියන් ඊට හුරුකිරීමට සාදා ඇත.

U-plunge Bra

ලැම පෙදෙසේ විශාල විවරයන් සහිත ඇඳුම් ඇඳීමේදී භාවිතය සාදා ඇත. විවරය U අකුරේ හැඩයට සමාන නිසා මෙම නම ලැබී ඇත.

Underwire Bra

වයර් භාවිතා කර පියයුරට යටින් සැකිල්ලක් සාදා ඇත. මේ නිසාම පියයුර දරා සිටීමට දක්වන සහයෝගය ඉතා වැඩියි.

Vintage Bra

පියයුරු වල බර සම්පූර්ණයෙන්ම දරා සිටීමට සාදා ඇත. 1940 ගණන් වලදී නිපදවන ලද මෝස්තරයකි. වර්ථමානයේ භාවිතයක් නැත.

Thursday, June 25, 2015

කිරි අම්මා



කිරි අම්මා මිය පරලොව ගොස් දැන් මාස දෙකකි. උන්දෑගේ මරණය මගේ හිතේ ඇති කළේ හිස් කමකි. මළගෙය දවස් තුනකින් අහවර වුවද කිරි අම්මා තාමත් මගේ හිතෙන් අහවර වී නැත. වෙන්නේ ද නැත.

ආණ්ඩුවේ සංගණනයට අණුව බස්නාහිර පළාතේ වයස 100 පැන්නවුන් ඉන්නේ 6 කි. ඒත් දැන් 5 කි. කිරි අම්මාට මියයද්දී වයස 103කි. දීර්ඝායුෂ ලැබීම විටෙක හොඳක් මෙන්ම නරකකි. එය නරකක් වන්නේ මේ අවුරුදු 103 පුරාවට උන්දෑ අත් දුටු දේවලු නිසාය.

ලෝක යුද්ධ දෙකක් දැකීම , බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීම, ප්‍රථම වරට ඡන්දය භාවිතා කිරීම, ලංකාවේ පළමු මැතිවරණය, ජනාධිපතිවරණය, ජේ.වී.පී. කැරලි 1972 හා 1989, කොටි ත්‍රස්තවාදය ආරම්භවීම හා එහි අවසානය දැකීම, ක්‍රිකට් වලට ඉතා අසා කළ අයෙක් ලෙස 96 ලෝක කුසලාන ජය දැකීම හා තවත් ‍මහා ගොඩක් දේවල් වගේම තම ස්වාමියාගේ මරණය, දරුවෙකුගේ මරණය, ලේලියෙකුගේ මරණය, මුණුපුරෙකුගේ මරණය, තමාගේ සියලු සහෝරයින් ගේ හා සහෝදරයන් ගේ මරණයන් දැකීම ද සිදුවිය.
වයස 40 ගණන් වලදී එළදෙනක් ඇනීම නිසා සදාකාලික කොන්දේ කුදු බවක් ඇතිවුවද එය ජීවිතයට කිසිදාක කරදරයක් කර නොගත්තාය. කොන්ද නමාගෙන ජීවත්වූ කාලය කොන්ද කෙළින් කරගෙන ජීවත් වූ කාලයට වඩා වැඩිය.

වයස 88 ත් 91 අතර කාලයේදී මාත් සමඟ මහා පරිමාණ කෙහෙල් කො‍ටුවක් හැදීය. අදටත් කොටුව එලෙසින්ම පවතී.

වයස 96 වෙස්සීත්, දම් වැල කඩාගෙන දුවන ජෝතාත් මෙලෝ ත් අල්ලාගෙන ඒමට වෙල දිහෑට කෝට්ටක් අරං කඩි මුඩියට යාමටත්.... හයිය හත්තිය තිබ්බ උන් දෙන්නා මෙල්ල කොට එකට ගැට ගසාගෙන ඒමටත් උන්දෑ සමත්විය.

98 වෙද්දී ශාරීරිකව දුබල වී රෝද පුටුවේ ගියද උන්දෑ තනිවම රෝද පුටුව පදවාගෙන ගේ පුරා යාමට සමත් විය.

100 වෙන තුරුම ටී.වී එකේ හිංදි චිත්‍රප‍ටි බලමින් කණ්නාඩි නැතුවම උප සිරැසි ද කියවමින්, විහිලු වලට මහ හයියෙන් හිනාවෙමින් උන්නේය.

102 පිරුණු විට ගෙදරට පැමිණි රාජ්‍ය නිළධාරීන් පිරිසක් පොටෝ අල්ලා, විස්තර කතා බහ කොට රුපියල් 10 000 ක් මුදලක් ද දී ගියෝය. මැරෙණ මොහොත දක්වා පියවි සිහියෙන් උන් කිරි අම්මා ආණුඩුවේ මහත්තැන්ට කවි පද හතරක් ද කීය. අපි එකෙක්වත් කිසිදාක අසා නොතිබූ පරණ කවියකි. මට ද එය දැන් මතක නැත.

වයස 70 ගණන් වලදී පටන් ගත් මහ පිරිත් සඡ්ඡායණය වයස 98 පමණ වනතෙක් දිනපතා ‍‍කළාය. තරුණ කල කුඹුරු වැඩ කළාය, වී තැම්බුවාය, වංගෙඩියේ කෙටුවාය. කොල්ලෝම හතරදෙනෙක් දරුවන් ලෙස ලැබූ කිරි අම්මා මිය යද්දී දරුවන් ද මුණුපුරන් ද මීමුණුපුරන් ද දුටුවාය.

අපේ නංගිලා දෙන්නාට වඩා කිරි අම්මා මට සමීපය. ඉස්කෝලේ යද්දී හැමදාම උදේට බත් කැව්වේ කිරි අම්මාය.

අද වෙන විට සියල්ලම අවසන්ය. මී‍ට අවුරුදු 103 කට පෙර උන්දෑ උපන් සතුටට උන්දෑ ගේ දෙමවුපියෝ සතුටු වන්නට ඇත. අද ඊට අවුරුදු 103 කට පසු උන්දෑ මළාය කියා අපි දුක් වන්නෙමු.

කිරි අම්මේ...................නුඔට නිවන් සුව කියා හිතින් පැතුවත් ලියන්නට අමාරුය.