Sunday, July 29, 2012

මුහුද යටින් ගමන් කරනා අන්තර්ජාල කේබල් පද්ධතිය


අන්තර්ජාලය යනු ලෝකය වටා ව්‍යාප්ත වී ඇති ලොව විශාලකම පරිගණක ජාලයයි. මෙම ලිපිය ඔබ කියවන්නේ ද අන්තර්ජාලයේ පිහිටෙන්ය. එවැනිවූ ප්‍රයෝජන සහිත අන්තර්ජාලය අපට ලැබෙන්නේ කෙසේ ද යන්න පැහැදිලි කිරීම මෙ‍ම ලිපියේ අරමුණ වේ. 

අන්තර්ජාලය අපිට ලැබෙන්නේ ලොව වටා අභ්‍යාවකාශගත කර ඇති චන්ද්‍රිකා මාර්ගයෙන් නම් නොවෙයි. සමහරුන් නම් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් ලැබෙනා දෙයක් ලෙසින් හිතාගෙන ඉන්නවා. ඇත්තෙන්ම අන්තර්ජාලය අපට ලැබෙන්නේ ලොව වටා මුහුද යටින් විහිදුනු විශාල කේබල ජාලයකින්. එම කටයුතු කරන්නේ “අන්තර්ජාතික දුරකතන සමාගම” හෙවත් International Telecom සමාගමවේ.

ලොව කාර්ය බහුලම අන්තර්ජාල කේබල් මාර්ගය වන්නේලන්ඩනය හා ඇමරිකාවේ නිව්යෝර්ක් අතරයි.කේබලයේ වටිනාකම දක්වා ඇත්තේ පවුම් මිලියන 250 ක් වශයෙනි.එය බ්‍රිතාන්‍යයේ කෝර්නිෂ් නම් වෙරලේ සිට සැතපුම් 3800ක් දුරින් වු නිව්යෝර්ක් දක්වා මුහුද යටින් ගමන් කරයි.මෙහි වෙරලේ ඇති මධ්‍යස්ථානය ඉතා රහසිගතව පිහිටුවා ඇත්තේ ත්‍රස්ත්‍රවාදි ප්‍රහාර ආදිය වැළැක්වීම සඳහායි.

ලංකාව හරහා ගමන් කරනා කේබලයේ නම වන්නේ SEA-ME-WE- 4 හෙවත් South East Asia - Middle East-West Europe 4 යන්නයි. Apollo සමාගම හදුන්වා දුන් මේ නවීන කේබලය නිවසේ පාවිච්චි කරන හෝස් එකක් තරමේ වුවත් ඒ තුල බණ්ඩල 08 ක් තුල වු කෙස් ගසක් පමන ප්‍රමාණයේ කේබල 192 ක් ඇත.කුඩා වුවත් එහි එකවර මිලියන 20 භාවිත කිරිමේ හැකියාව ඇති දත්ත ප්‍රමාණයක් ගමන් කරයි. ලේසර් කිරණ මගින් මේ හරහා දත්ත ගමන් කිරීම සිදුවන අතර තත්ත්පරයට මෙහි 3.2 Tbps (තත්ත්පරයට ටෙරා බිට්ස්) ගමන් කරන අතර නැවත පැමිණි දුරත් සමඟ සැතපුම් 7600 ක් වු සැතපුම් ගණන සම්පුර්ණ කිරීමට ගතවන්නේ තත්පර 0.00072 පමණි. මේ මධ්‍යස්ථානයට මාසික විදුලි බිල පවුම් 25,000 වූ අධික ගණනක් වේ.



අධික දුරක් ගමන් කිරීමේදී දත්ත විනාශ වීම හා සම්ප්‍රේෂණ ශක්තිය අඩුවීම සිදුවේ. සැතපුම් 30 කට එකක් වන ලෙස පිහිටුවා ඇති ගෙන යන දත්ත ප්‍රමාණයේ ශක්තිය වැඩි කර පවත්වා ගෙන යාමට විද්‍යුත් රිපීටර් (Electrical Repeaters) යොදා ඇති අතර ඉන් එකක සාමාන්‍ය මිල ඩො.මි.1 පමණ වන බව පැවසේ.මේවා ක්‍රියාකිරිමට 10000 වෝල්ටීයතාවයෙන් යුතු විදුලි බලයක් මේ කේබලය තුලින්ම ගමන් කරනු ලැබේ. පැය 24 පුරා මේ කේබලයේ ආරක්ෂාව හා අලුත්වැඩියා කටයුතු කරන්නා වු ඉංජිනේරුවන් සේවයේ නියුතුව සිටී. 10,000 වෝල්ටීයතාවයෙන් වගේම ලේසර් ගමන් කරන නිසා ක්ෂණීකව ශරීරයට හානි සිදුවන බැවින් මේවායේ අලුත්වැඩියාවන් කිරීමේදි ඉතාමත් පරිස්සම් විය යුතුයි.

19 සියවසේ සිටම බ්‍රිතාන්‍ය හා ඇමරිකාව අතර මෙවැනි සරල කේබල ක්‍රමයක් පැවත ඇති අතර 1956 වන තුරු ඒවායේ භාවිත වී ඇත්තේ මෝස් කෝඩ් (Morse code) වලිනි. එකල එමගින් එකවර දුරකතන ඇමතුම් 36 ක් ගත හැකිව තිබු අතර 1988 දි ඒ සඳහා ෆයිබර් කවරයක් සහිත කේබල් පද්ධතියක් සවිකරන ලද අතර එමගින් එකවර ඇමතුම් 2500 ලබාගත හැකිව ඇත. පසුව එය දියුණු කරමින් මිලියන 60 දක්වාද අලුතින් හදුන්වා දෙන මේ Apollo සමාගමේ කේබලය මගින් එකවර දුරකතන ඇමතුම් මිලියන 200 දක්වා වැඩිකර තිබේ.

මෙහි දියුණුව කොතෙකුත්ද යත් අවුරුදු 20 ක් වු කාලය තුල එක කේබලයකින් රැගෙන යන ප්‍රමාණය 80000 ගුණයකින් වැඩිවී ඇත.මෙම වැඩසටහනේ දැනට ගෙන යන දත්ත ප්‍රමාණය 39Tbps දක්වා 2014 වන විට වැඩි කිරීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව අදහස් කර සිටියි. 2013 වන විට බ්‍රිතාන්‍ය යේ තවත් ඉලක්කයක් වන්නේ 10Mbps වු බෝඩ්බ්‍රෑන්ඩ් අන්තර්ජාලය සේවයක් රට තුල ලබාදීමයි.



හදිස්සියෙන් හෝ මේ මුහුදු කේබලයක් කැඩී ගියහොත් සියලු අනතර්ජාල සේවයන් අවසන් වනවා. 2008 වසරේ සැතපුම් 24500 ක් දිග වු මෙවැනි අන්තර්ජාලය ගෙන යන කේබලයක් ඉන්දියන් සාගරයේ දී නැවක නැංගුරමක පැටලී කැපී යාම ඔබට මතක ඇති. නිසා මෙවැනි අනතුරු වළක්වා ගැනීමට Wave Senihel නම් ටොන් 12 බර වු නෞකාවවගේම තවත් නෞකා රාශියක් පැය 24 පුරාම වර්ග සැතපුම් මිලියන 40 ක් වු අත්ලාන්තික් සාගරයේ රැදී සිටිනවා. මේ මතුපිට ටොන් 09 පමණ බර කේබල රදවා තැබිය හැකිය. කේබලයන් හි දෝෂ හදුනා ගැනීම හා හැකි ඉක්මනින් ඒවායේ අලුත්වැඩියාවන් කිරීම මොවුන්ගේ රාජකාරියයි.

1 comment:

Post a Comment