Tuesday, July 31, 2012

ජාලගත අයි.ටී ගුරු ගේ හැඳින්වීම


ජාලගත අයි.ටී ගුරු ගේ හැඳින්වීම
මම ඉගෙන ගත් දෙයක් තවත් කෙනෙකුට උගන්වන්න මට එදා ඉඳලාම තිබුණු ආසාවේ ප්‍රතිඵලයක් විදිහට මම උ.පෙ. කරන කාලෙ මගෙ යාළුවන්ට ජීව විද්‍යාව කියල දුන්නා. ඒ ජීව විද්‍යාව මට හොඳිට ‍තේරුණ හින්දා. ඊට පස්සේ IT  ඉගෙන ගන්න කාලෙදි බෝඩිමේ යාළුවන්ට Software Engineering, Programming වගේ මම ගොඩාක් ආසාකරපු ඒවගේම මට හොඳින්ම තේරුණු විෂයන් ඉගැන්නුවා. IT අධ්‍යාපනය අවසානවෙලා මම ඉස්සර වෙලාම ගියෙත් කොළඔ තියෙන පැරණිම ඒවගේම උපාධි ප්‍රධානය කිරීමේ බලය ලැබී ඇති බොරැල්ලේ පිහිටි ප්‍රසිද්ධ ආයතනයකටයි. ඊටත් පස්සේ කිරිබත්ගොඩ හන්දියේ තියෙන තවත් ආයතනයක IT ඉගැන්නුවා. මගේ නොනවතින ඉගැන්වීමේ ආශාව තමයි ඒ හැමදෙයක්ම පස්සේ උන්නේ. අද වෙන කොට මේ බ්ලොග් එක පටන් ගන්න හේතුවත් ඔන්න ඕකම තමයි. ඉතින් කාලෙක ඉඳන් හිතේ තිබුණු ආසාවක් මෙන්න මේ විදිහට online IT guruඑහෙමත් නැත්නම් ජාලගත අයි.ටී ගුරුවශයෙන් එලිදකිනවා.
මේ බ්ලොග් එක පටන් ගන්න පෙර මගේ හිතට පුශ්ණ කිහිපයක්ම ආවා. එකක් තමයි තොරතුරු තාක්ෂණය බටහිර ලෝකෙන් අපවෙත ආපු දෙයක් හින්දා එය ඉංග්‍රීසියෙන් ම ඉගෙන ගත්තොත් තමයි හොඳ කියන එක. එහෙම නැත්නම් අපිට වෙන්නේ මෙන්න මේ වගේ අපහසු වචන වලින් ඉගෙන ගෙන රස්සාවකට ගියදාට ලොකු ප්‍රශ්න ඇති කරගන්නයි.
Space bar = ඉඩ දණ්ඩ, Mouse = මූසිකය, Escape key = පලායාමේ යතුර, Control key = පාලන යතුර, Backspace key = පසු මැකුම් යතුර, Home key = නිවෙස් යතුර, Arrow keys = ඊතල යතුරු හා තව තවත් මේ වගේ විවිධාකාර නම් සහිත වාග්මාලාවකට පුරුදුවුනොත් කොහොමද රස්සාවකට ගිහින් වැඩකරන්නේ? බැරිකමක් නම් නෑ හැබැයි ටිකක් අමාරුයි මේ වචන භාවිතා කරලා වැඩකරන්න. අන්න ඒ නිසා ජාලගත අයි.ටී ගුරු හරහා පාඩම් උගන්වනකොට සිංහල වාග්මාලාව වෙනුවට ඉංග්‍රීසි වාග්මාලාව භාවිතා කරල පාඩම් ඉදිරිපත් කරන්න තීරණය කළා. ඒ තීරණය වැරදි තීරණයක් නොවෙයි කියලා මම හිතනවා.
මගේ ඔලුවට ආපු තවත් ප්‍රශ්ණයක් තමයි මම මේ කියවන හා ලියන දේවල් බලන්න ඉගෙන ගන්න ඕ.ලෙවල් ඒ.ලෙවල් කරන නංගිලා මල්ලිලා කීදෙනෙක්ට නම් ලැබෙයි ද කියන එක. ඒකට හේතුව හැමෝටම ගෙදරින් ඉන්ටර්නෙට් පහසුකම් අරන් දෙන්නෙ නෑ, ව්භාගෙ ඉවර වෙනකන් කොම්පියුටරු අල්ලන්න දෙන්නෙනෑ,ඒ වගේම බ්ලොග් කියවන බොහෝදෙනෙක් පාසල් වහස පන්නපු තරුණ හා වැඩිහිටි අය වීම. ඉතින් ඔන්න ඔය හේතු මතක් වෙලා මට මේ කරන්න යන වැ‍ඩේ අසාර්ථක එකක් වේවි දෝ කියන බය නිතරම හිතට එනවා.
මේ බ්ලොග් එක කොහොමද කරගෙන යායුත්තේ කියන දේ ගැන මම ඔය හැමෝගෙන්ම අදහස් දැනගන්න ආසයි. ඉතින් ගොඩකේ බලාපොරොත්තු තියාගෙන සමාජ සේවයක් වශයෙන් මම ආරම්භ කරපු මේ අඩවිය පවත්වාලෙන යාමට ඔයගොල්ලෝ හැමෝගෙම උපකාරය හා උපදෙස් බලාපොරොත්තු වෙනවා.


4 comments:

අවතාර් said...

honda wadak ikmanata patan gamu.ara deweni ekata uththare nam facebook .blogaya karanagaman singlish widihata hari facebook denna puluwannam wade sarthakai.

දිලීප ඉලංගකෝන් | Dileepa Ilangakoon said...

අවතාර්, ඔබගේ අදහස් වලට ස්තූතියි. ඇත්තෙන්ම මූණුපොතේ පිටුවක් පටන් ගත්තොත් පාසල් ළමුන් ටබාටහා් දෙනෙකුටත් මේ ගැන දැනගන්න ලැබෙනවා. මම ඒගැන කටයුතු කරන්නම්.

මඩිස්සලේ නිශාන් said...

ඔබේ මේ වැඩේ නැගලා යන්න කියලා මම පතනවා
ජයම පතනවා සහෝ

දිලීප ඉලංගකෝන් | Dileepa Ilangakoon said...

ඔබට බොහොම ස්තූතියි නිශාන්. හැකි හැමවිටම පැමිණ අලුත් ලිපි කියවන මෙන් හා අදහස් දක්වන‍ ලෙස ඉල්ලා සිටිනවා.

Post a Comment