Monday, August 13, 2012

10 වසර-සන්නිවේදන මාධ්‍ය-4කොටස


පරිගණක හා දත්ත සන්නිවේදන ජාල (4 පාඩම)
Computer and Data Communication Networks
                                   
Unguided Media (Radiated Media) නොහසුරුවන ලද මාධ්‍ය (විකිරණ මධ්‍යය)
  • Radio Transmission: රේඩියෝ සම්ප්‍රේශණය
රේඩියෝ සම්ප්‍රේශණයේදී සාමාන්‍ය ගුවන් විදුලි සේවයක පරිදිම ප්‍රාථමික රේඩියෝ සම්ප්‍රේශණ මූලධර්මයන් භාවිතයන් දත්ත සමිප්‍රේශණය සිදුකරයි. ජාලය තුල ඇති සෑම පරිගණකයක් සතුවම රේඩියෝ සම්ප්‍රේශකයක් හා ප්‍රතිග්‍රාහකයක් තිබිය යුතුය. මෙම සම්ප්‍රේශකයන් අඩු වෝල්ටීයතාවයන්ගෙන් යුතු වන අතර කෙටි දුර සම්ප්‍රේශනය සඳහා සකස් කර ඇත. එය සාමාන්‍යයෙන් අඩි 500 පමණවේ.
 
Radio transmission uses the same basic principle as standard radio transmission. Each computer on the network should equip with a radio transmitter/receiver. The transmitters are very low power and are designed typically to transmit a signal to a very short distance, typically up to 500 feet.

  • Infrared Transmission: අධෝරක්ත සම්ප්‍රේශණය (ඉන්ෆ්රා රෙඩ් ට්‍රාන්ස්මිෂන්)
Infrared transmission uses low-frequency light wave, below the visible spectrum, to transmit data through the air. Infrared transmitters are hardly ever used to transmit data to and from portable or handheld computers.
අධෝරක්ත සම්ප්‍රේශණයේදී මිනිස් දෘශ්ඨි සීමාවට වඩා අඩු සංඛ්‍යාතයෙන් යුතු ආලෝක කිරණයක් වන  අධෝරක්ත කිරණ භාවිතා කර වාතය හරහා දත්ත සම්ප්‍රේෂණය සිදුකරයි. අධෝරක්ත සම්ප්‍රේශණය ඉතා අඩුවෙන් භාවිතා වන සම්ප්‍රේෂණ ක්‍රමයකි. රූපවාහිනී වල දුරස්ථපාලකයන්හි බහුලව භාවිතාවෙයි.

 
  • Microwave Transmission: ක්ෂුද්‍ර තරංග සම්ප්‍රේෂණය (මයික්‍රොවේව් ට්‍රාන්ස්මිෂන්)
Microwave is a high-frequency beam with short wave length. Microwave can be transmitted over a direct line-of-sight path between any two points. This transmission medium is typically used for long-distance data/voice transmission.
ක්ෂුද්‍ර තරංග සම්ප්‍රේෂණයේදී ඉහල සංඛ්‍යාතයෙන් (frequency) යුතු එමෙන්ම තරංග ආයාමය (wave length) අඩු තරංග කදම්භයක් (beam) භාවිතාවෙයි. ක්ෂුද්‍ර තරංග සම්ප්‍රේෂණයේදී තනි එල්ලයක් වෙත එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් දක්වා ඍජුව දත්ත සම්ප්‍රේශණය කරනු ලැබේ. මෙය සාමාන්‍යයෙන් භාවිතා වන්නේ ඉතා දුර දත්ත හා හඬ සම්ප්‍රේෂණ කටයුතු සඳහාය.

ක්ෂුද්‍ර තරංග සම්ප්‍රේෂණ කුලුණක්
  • Satellite Transmission: චන්ද්‍රිකා සම්ප්‍රේෂණය
In satellite transmission, signals are transmitted to a satellite 500 to 22,000 miles in space. Disadvantages of satellite transmission are the delay that occurs in transmission, which is known as the propagation delay & high initial and maintenance cost. Main advantage is entire global can be covered by using only three satellites. Late Sir Arthur C. Clerk invented satellite technology who was a Sri Lankan.
චන්ද්‍රිකා සම්ප්‍රේෂණයේදී එම සංඥා පෙළොවේ සිට සැතපුම් 500 ත් 22000 අතර ඉහල අවකාශයේ හා අභ්‍යාවකාශයේ නවතා ඇති චන්ද්‍රිකා වෙත යවනු ලැබෙයි.  චන්ද්‍රිකා සම්ප්‍රේෂණයේ ඇති අවාසි වන්නේ සම්ප්‍රේෂණයේදී සිදුවන ප්‍රමාදය (මෙය ප්‍රචාරණ ප්‍රමාදය (propagation delay) යනුවෙන් හඳුන්වයි), අධික මූලික පිරිවැය හා නඩත්තු වියදම්වෙයි. වාසිදායකම දෙය වන්නේ චන්ද්‍රිකා 3 පමණක් භාවිතා කර මුලු ලෝකයම ආවරණය කළහැකි වීමයි. ශ්‍රී ලාංකිකයෙකු වන නැසීගිය ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා විසින් මෙකී චන්ද්‍රිකා සම්ප්‍රේෂණය ලෝකයට හඳුන්වා දෙන ලදී.




පාඩම හා සබැඳි වාග්මාලාව
Guided Media - හසුරුවන ලද මාධ්‍ය
Un-guided media - නොහසුරුවන ලද මාධ්‍ය
Radiated Media - විකිරණ මධ්‍යය
Twisted-pair wire ට්විස්ටඩ් පෙයාර් (ඇඔරුණු යුග්මය)
Coaxial cable - කොඇක්ෂියල් කේබල් (ඒකාක්ෂ කේබලය)
Metal shield - ආරක්ෂකාවරණය
Fiber-Optical Cable - ෆයිබර් ඔප්ටිකල් කේබල් (ආලෝක තන්තු කේබල්)
Infrared Transmission - අධෝරක්ත සම්ප්‍රේශණය (ඉන්ෆ්රා රෙඩ් ට්‍රාන්ස්මිෂන්)
Microwave Transmission - ක්ෂුද්‍ර තරංග සම්ප්‍රේෂණය (මයික්‍රොවේව් ට්‍රාන්ස්මිෂන්)
Frequency - සංඛ්‍යාතය
Wave length - තරංග ආයාමය
Satellite Transmission - චන්ද්‍රිකා සම්ප්‍රේෂණය
Beam - කදම්භය
Propagation delay - ප්‍රචාරණ ප්‍රමාදය

No comments:

Post a Comment