Saturday, August 11, 2012

පරිගණක හා දත්ත සන්නිවේදන ජාල 10 වසර (3 පාඩම)


පරිගණක හා දත්ත සන්නිවේදන ජාල (3 පාඩම)
Computer and Data Communication Networks

Communication Media සන්නිවේදන මාධ්‍යය
The communication media is the substance that carries the voice or data. Many different types of transmission media are currently in use.  Media types can be grouped into two categories. 

1.      Guided media  - Media are those in which the data flows through physical media
2.      Un-guided media (Radiated media) -  Media are those in which the data is broadcast through the air

සන්නිවේදන මාධ්‍ය යනු හඬ හා දත්ත රැගෙන යන ද්‍රව්‍යයයි. විවිධාකාරවූ  සන්නිවේදන මාධ්‍යයන් වර්තමානයේ දී භාවිතා වෙයි. සන්නිවේදන මාධ්‍යයන් කොටස් දෙකකි.
1.      හසුරුවන ලද මාධ්‍ය - දත්ත ගලා යාම භෞතික මාධ්‍යයක් හරහා සිදුකරනා වර්ගය
2.      නොහසුරුවන ලද මාධ්‍ය - දත්ත වාතය හරහා විසිරුවා හරිමින් සන්නිවේදනය සිදුකරනා වර්ගය

Guided Media: හසුරුවන ලද මාධ්‍ය
  • Twisted-pair wire ට්විස්ටඩ් පෙයාර් වයර් (ඇඔරුණු යුග්මය)

ට්විස්ටඩ් පෙයාර් වයර්
A twisted-pair wire consists of two insulated copper wires, twisted around each other and covered in another layer of plastic insulation. This is commonly known as Data cable.

ට්විස්ටඩ් පෙයාර් කේබලයේ ප්ලාස්ටික් මගින් ආවරනය කරන ලද කම්බි දෙපොටක් එකිනෙකා වටා අඔරා ඇත. මෙවැනි කම්බි පොටවල් 8ක් එනම් යුගල 4ක් ඇත. මේ සියලු කම්බි වටා බාහිර ප්ලාස්ටික් ආවරණයක් ද ඇත. ඩේටා කේබල් නමින් අපි නිතරම දකින්නේ මෙයයි.

  • Coaxial cable: කොඇක්ෂියල් කේබල් (ඒකාක්ෂ කේබලය)


කොඇක්ෂියල් කේබලය
A Coaxial cable consists of insulated copper wire wrapped in a metal shield, which is then wrapped in an outer external cover. 

පරිවාරක මගින් ආවරිත තඔ කම්බියක් මධ්‍ය අක්ෂය ලෙස පිහිටන අතර ඊට පිටින් තවත් ලෝහමය ආරක්ෂකාවරණයක් (metal shield) පිහිටා ඇත. සියල්ලට පිටතින් පරිවාරක ආවරණයක් ඇත.

  • Fiber-Optical Cable: ෆයිබර් ඔප්ටිකල් කේබල් (ආලෝක තන්තු කේබල්)
Fiber-Optical Cable consists of hundreds of thin glass wires that transmit pulsation beams of light.

ෆයිබර් ඔප්ටිකල් කේබලයක් තුල ආලෝකය ගමන් කිරීමට හැකි ඉතා සියුම් ෆයිබර් තන්තු සිය ගණනක් ඇත. මේවා හරහා ආලෝකය වශයෙන් දත්ත ගමන් කිරීම සිදුවේ.




ෆයිබර් ඔප්ටිකල් කේබල්

No comments:

Post a Comment