Friday, August 3, 2012

පරිගණක හා දත්ත සන්නිවේදන ජාල (2 පාඩම)-10 වසර


පරිගණක හා දත්ත සන්නිවේදන ජාල (2 පාඩම)
Computer and Data Communication Networks

පාඩම හා සබැඳි වාග්මාලාව
Servers - සේවාදායකය
Network Operating system - ජාලගත පාලන පද්ධතිය
Shared resources - හුවමාරු කරනා ලද සම්පත්
Port - දොරටු

Common Network Elements පරිගණක ජාලයන්හි පොදු අංගෝපාංග
Different types of components that you can find in a network are:  ජාලයක් තුල දැකගත හැකි විවිධ අජගෝපාංග වන්නේ.  
  • Servers: Computers that provide shared resources to the network users
සේවාදායකය (සර්වර් පරිගණකය) - ජාලයේ ඇති පරිගණක වෙත සේවාවන් සපයන ප්‍රධාන පරිගණකයයි. හවුලේ භාවිතා කරනා සේවාවන් හා උපාංග මෙම සර්වර් පරිගණකය හරහා ලබාදෙයි.
  • Client: Computer that access shared network resources provided by the Server
සේවා දායකයා - සර්වර් පරිගණකය මගින් සපයන සේවාවන් භාවිතා කරනා ජාලයේ ඇති පරිගණකයන් මෙනමින් හඳුන්වයි.
  • Communication Media: The media through which data is being transmitted.
සන්නිවේදන මාධ්‍ය - දත්ත සන්නිවේදනය සඳහා භාවිතා කරනා මාධ්‍යයන්. දත්ත සන්නිවේදන රැහැන් හෙවත් කේබල් මෙලෙස හැඳින්වේ.
  • Network Operating system: Software that manages the activities of a network
ජාලගත පාලන පද්ධතිය -  ජාලය හා සම්බන්ධිත ක්‍රියාකාරකම පාලනය කරනා මෘදුකාංගය.
  • Shared resources: Any service or resource made available for use by the members of the network.
හුවමාරු කරනා ලද සම්පත් - පරිශීලකයින්ගේ ප්‍රයෝජනය පිණිස ලබා දී ඇති සම්පත් හා සේවාවන් මෙලෙස හැඳින්වේ.
  • Modem: used to connect a computer to another computer over phone lines.
මොඩම් - දුරකථන රැහැන් (කේබල්) හරහා පරිගණකයක් තවත් පරිගණකයක් හා සම්බන්ධ කිරීමට මෙම උපකරණය අවශ්‍යවේ.
  • Hub: A hub can be thought of as a junction box, permitting new computers to be connected to a network as easily.  Hubs are commonly available in 4, 8, 16 port sizes.
හබ් - හබ් නමින් හැඳින්වෙන මෙය හතර මං හන්දියක් වශයෙන් හැඳින්විය හැකිවේ. ජාලය වෙත නව පරිගණක ඉතා පහසුවෙන් සම්බන්ධ කිරීමේ හැකියාව ලබාදෙයි. දොරටු (Port) 4,8,16 යන ගණන් වලින් ලබාගත හැක.
  • Switch: An enhanced version of the hub. Typically a switch can communicate effectively.
ස්විච් - හබ් නැමැති උපකරණය‍ට වඩා දියුණු උපකරණයකි. ජාලය හා සම්බන්ධිත පරිගණක වලට කාර්යක්ෂමව සන්නිවේදන කටයුතු කරගැනීමට පහසුකම් සලසා දෙයි.

No comments:

Post a Comment