Thursday, August 2, 2012

පරිගණක හා දත්ත සන්නිවේදන ජාල (10 වසර)


Computer and Data Communication Networks
අද දවසේ පරිගණක ජාල පාඩම ඔස්සේ මගේ බලාපොරොත්තුව නේ “දත්ත සන්නිවේදනය හා ජාල කරණය” යන දීර්ඝ පාඩමට ආරම්භයක් ලබා ගැනීමයි. ඉතින් තවත් පාඩම් කිහිපයක්ම ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මේ පාඩම සරලව හා සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකින්ම ඉදිරිපත් කළේ බොහෝ සහෝදර සහෝදරියන්ට පහසුවක් වේවි යැයි හිතලයි. ඉතින් ඔන්න දැන් මෙය ඔබට බාරයි.
පාඩම කියවලා අඩුපාඩු හොඳ නරක මට දැන්වූවොත් මගේ ඉදිරි පාඩම් ලියනකොට ලොකු උදව්වක් වෙනවා.
ඉක්මනින්ම ප්‍රශ්න පත්‍ර හා අනුමාන ප්‍රශ්නත් සාකච්ඡා කරන්න බලාපොරොත්තුවක් කියෙනවා.
ඒවගේම ඔයගොල්ලෝ මගේ සා.පෙල අයි.ටී උපකාරක සේවය තවත් දියුණු කරගන්න උපකාරීවෙන අදහස් දෙනවානම් ඒගැනත් මම ගොඩාක්ම ස්තූතිවන්ත වෙනවා.

පාඩම හා සබැඳි වාග්මාලාව
Data Communication - දත්ත සන්නිවේදනය
Computer and Data Communication Networks - පරිගණක හා දත්ත සන්නිවේදන ජාල
Communications network - සන්නිවේදන ජාල
Cable
- රැහැන
Multi User License - බහූ පරිශීලක බලපත්‍ර
Network - ජාල
Node - අග්‍රස්ථ
Network Device - ජාල උපකරණ
Databases - දත්ත සමූල
User - පරිශීලකයා


Data Communication දත්ත සන්නිවේදනය
Data Communication is the process of moving information from one point to another by some transmission medium.
දත්ත සන්නිවේදනය යනු එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට සන්නිවේදන මාධ්‍යයක් භාවිතා කර දත්ත ගමන් කරවීමයි.
Network ජාල
A network is a collection of entities that exchange information or good. Few examples of networks are railway system, nervous system of animals, telephone system. 
ජාලයක් යනු තොරතුරු හුවමාරු කරගන්නා උපකරණ රාශියක එකතුවක් හෝ උපකරණ රාශියක එකතුවකි.
උදා- දුම්රිය මාර්ග, ස්නායු පද්ධතියේ ස්නායු මාර්ග, දුරකථන පද්ධතිය
Communications network සන්නිවේදන ජාල
A communications network is a system of interconnected computers, and communication devices that can communicate with one another and share resources.  At the basic
stages, a computer network consists of two computers connected with each other by a cable to allow them to share data. Any device connected to a network is called a node. A node may be a device such as a computer, a printer etc...
සන්නිවේදන ජාල යනු එකිනෙකා හා දත්ත හුවමාරු කරගන්නා, සම්පත් හුවමාරු කරගන්නා එකිනෙකට සම්බන්ධවූ (එනම් අන්තර් සම්බන්ධිත) පරිගණක හා සන්නිවේදන උපාංග වල එකතුවකි. ඉතා ප්‍රාථමික අවස්ථාවේ දී පරිගණක දෙකක් පමණක් රැහැන් (Cable/කේබල්) හරහා සම්බන්ධ කර දත්ත සන්නිවේදනය කළ හැකිය. එනම් දත්ත සන්නිවේදනයට අවම වශයෙන් පරිගණක දෙකක්වත් තිබිය යුතුවේ. සන්නිවේදන ජාලයකට සම්බන්ධිත පරිගණකය අග්‍රස්ථ (නොඩ්/Node) යනුවෙන් හැඳින්වේ. මෙම නොඩ් (Node) එකක් යනු පරිගණකයක් හෝ මුද්‍රකයක් (Printer) හෝ වෙනත් ජාල උපකරණයක් (Network Device) විය හැකිය. 

Advantages of Computer and Data Communication Networks
පරිගණක හා දත්ත සන්නිවේදන ජාලයන් හි වාසි
Some of major advantages are listed below: පහත දැක්වෙන වාසි ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකිය.
  • Sharing of peripheral devices: Expensive resources can be shared by connecting them to the network.
ජාලය හා සම්බන්ධිත උපාංග හුවමාරු කරගැනීම - මෙමගින් ඉතා මිල අධික උපාංග හවුලේ භාවිතා කළහැකිවේ.
  • Sharing of programs and data: Some programs may be expensive, and it may not be possible to purchase multiple copies. Such programs can be shared over a network.
මෘදුකාංග වැඩසටහන් හා දත්ත හුවමාරු කරගැනීම - සමහර මෘදුකාංග වැඩසටහන් මිල දී ගැනීමේ දී මිල අධිකබව නිසා බහූ පරිශීලක බලපත්‍ර (Multi User License) ලබා ගැනීම අපහසුය. මෙවැනි අවස්ථාවලදී ජාලය හරහා එක් පරිශීලක බලපත්‍රයක් හුවමාරු කරගනිමින් භාවිතා කරනු ලැබේ.
  • Better communications: Networks can be used to establish communication such as e-mail.
උසස් සන්නිවේදනය (යහ සන්නිවේදනය) - විදුලි ලිපි (ඊ.ලිපි/ email) වැනි සාර්ථක හා වේගවත් සන්නිවේදන ක්‍රම භාවිතා කිරීමේ හැකියාව.
  • Access to databases: Users can access many databases by making them available on the network.
දත්ත සමූල (databases) වෙත පිවිසීම  - දත්ත සමූල ජාලය තුල රඳවා ඇත්නම් ජාලයට පිවිසෙන සෑම පරිශීලකයෙකුටම (User) දත්ත ලබා ගැනීමට හැකිවේ. 

No comments:

Post a Comment