Monday, August 20, 2012

පරිගණක ජාල වර්ග Network Topologies-10වසර


පරිගණක හා දත්ත සන්නිවේදන ජාල (5 පාඩම)
Computer and Data Communication Networks


පරිගණක ජාල වර්ග Network Topologies
පරිගණක ජාල සැකසීමේදී විවිධාකාරවූ ක්‍රම අනුගමනය කළහැකිය. මෙම භෞතික සැකැස්ම “ටෝපොලොජි” යනුවෙන් හැඳින්වෙයි. මූලිකවම ස්ටාර්, රිං, බස්, ට්‍රී හා මෙෂ් යන පරිගණක ජාල වර්‍ග භාවිතාවෙයි. මෙම පරිගණක ජාල වර්ග එකිනෙක හා සම්බන්ධ කිරීමෙන් සංකීර්ණ “දෙමුහුම් (hybrid)” පරිගණක ජාල නිපදවා ඇත.

Networks can be laid out in a number of different ways. The physical layout of a network is called its topology. The basic network topologies are star, ring, bus, tree & mesh. These basic topologies can be combined in a variety of ways to build complex hybrid network topologies.

ස්ටාර් ටෝපොලොජි Star Topology
ස්ටාර් ටෝපොලොජියෙහි සියලු පරිගණක හා අනෙකුත් උපකරණ මධ්‍ය උපකරණයකට සම්බන්ධවී ඇත. මෙම මධ්‍ය උපකරණය බොහෝවිට හබ්, සර්වර් හෝ තවත් පරිගණකයක් වේ.





In a star network all computers and other communications devices are connected to a central point such as a hub, server or a host computer.

රිං ටෝපොලොජි Ring Topology
රිං ටෝපොලොජියෙහි සියලූම පරිගණක හා සන්නිවේදන උපකරණ මුද්දක ආකාරයට එකිනෙකා හා සම්බන්ධවෙයි. දත්ත හා පණිවිඩ සෑම පරිගණකයක් හරහාම ගමන්කර නිවැරදි ස්ථානයට පැමිණෙයි.

In a ring network all communications devices are connected in a continuous ring. Messages are passed around the ring until they reach the right destination.

බස් ටෝපොලොජි Bus Topology
මෙහිදී පරිගණක හා සන්නිවේදන උපකරණ එක් පොදු සන්නිවේදන මාර්ගයක් හා සම්බන්ධවෙයි. මෙහි මධ්‍යම පරිගණකයක් නැත. 

In a bus network communications devices are connected to a common channel. There is no central computer.

ට්‍රී ටෝපොලොජි Tree Topology
බස් හා ස්ටාර් යන ‍ටෝපොලොජි දෙකෙහි එකතුවක් ලෙසින් මෙම ට්‍රී ටෝපොලොජිය හදුන්වයි. සර්වර් කිහිපයක්ම එකම පරිගණක ජාලය තුල භාවිතා කඅරීමට මෙම ටෝපොලොජිය නිසා හැකියාව ලැබේ. එමෙන්ම ජාල කිහිපයක් එකට සම්බන්ධ කිරීමේ පහසුවද ලැබේ. 

Tree Topology is a combination of the bus and the Star Topology. The tree like structure allows you to have many servers on the network and you can branch out the network in many ways. 

ට්‍රී ටෝපොලොජිය ඉතාමත්ම සුදුසු වන්නේ ජාලය විශාල වශායන් විහිදී හා කොටස් කිහිපයක් වශයෙන් වෙන්වෙන්ව පවතින අවස්ථාවන්හිදීය. ට්‍රී ටෝපොලොජිය කුඩා ජාලයක් තැනීමේදී භාවිතා නොකළ යුතුය. එසේ වන්නේ එය කේබල් නාස්තිවීමක් බැවිනි.

A Tree Structure suits best when the network is widely spread and vastly divided into many branches. A Tree Network may not suit small networks and it may be a waste of cable to use it for small networks.

මෙෂ් ටෝපොලොජි Mesh Topology
අනෙකුත් ටෝපොලොජි මෙන් නොව මෙෂ් ටෝපොලොජියෙහිදී දත්ත හා පණිවිඩ වලට විවිධාකාර ගමන් මාර්ග වල ගමන් කර ගමනාන්තය දක්වා පැමිණීමේ හැකියාම ඇත. අන්තර්ජාලය මේ සඳහා හොඳම උදාහරණයයි.

Unlike each of the previous topologies, messages sent on a mesh network can take any of several possible paths from source to destination. Internet is the good example for mesh topology. 
සෑම උපාංගයක්ම අනෙකුත් උපාංග හා සම්භන්ධ කර ඇති ජාල ෆුල් මෙෂ් (පූර්ණ) පරිගණක ජාල වශයෙන් හඳුන්වයි. අර්ධ වශයෙන් එකිනෙක බැඳී ඇති මෙෂ් පරිගණක ජාල ද ඇත. ඒවායේ සමහර උපාංග වලට පමණක් ‍අනෙක් උපාංග හා කෙළින්ම සම්භන්ධ විය හැක.

A mesh network in which every device connects to every other is called a full mesh. Partial mesh networks also exist in which some devices connect only indirectly to others.

No comments:

Post a Comment