Monday, September 3, 2012

වෛරස් නිපදීමට හේතුවන්නේ මොනවාද?


වෛරස් නිපදීමට හේතුවන්නේ මොනවාද?
1.      හැකර් කරුවන්ගේ අවශ්‍යතාවයන් සඳහා
2.      මෘදුකාංග හොරෙන් පිටපත් කිරීම වැළැක්වීම සඳහා
3.      ආයතනයන්ගෙන් පලිගැනීම් සඳහා මෘදුකාංග නිෂ්පාදකයන් හෝ එහි සේවකයින් විසින් එම මෘදුකාංග තුල තැන්පත් කරනා “කාල බෝම්බ” නම් පරිගණක වැඩසටහන්
4.      ආරක්ෂිත පද්ධති තුල‍ට රහසේ ඇතුල්වීමේ අරමුණෙන් සකසන වැඩසටහන්
5.      වෙනත් ව්‍යාපාර කඩාකප්පල් කිරීමේ අදහසින් සකසන වැඩසටහන්
6.      යුධ රහස් හෙලි කරගැනීම සඳහා සාදනු ලබන වැඩසටහන්

වෛරස් ආසාදනයෙන් පසු පෙනෙනා ලක්ෂණ
1.      මෘදුකාංග ක්‍රියාත්මකවීමට හා පරිගණකය වැඩ ආරම්භ කිරීමට වෙනදා‍ට වඩා වැඩි වේලාවක් ගත වෙයි
2.      පරිගණකයේ දෘඩ තැටියේ හිස් ඉඩ ඉතා වේගයෙන් අඩුවෙමින් යයි
3.      ෆ්ලොපි ඩිස්කය (මෘදු තැටිය), යූ.එස්.බී පෙන් හෝ සී.ඩී වැනි ධාවකයන් ඔබේ දැනුමෙන් තොරවම දිගින් දිගට භාවිතාවෙයි
4.      ඔබ විසින් නොසාදන ලද ආගන්තුක ෆයිල් (ලිපි) ‍හා ෆෝල්ඩර් (ලිපි ගොනු) පරිගණක පද්ධතිය තුල දැකගත හැකිවීම
5.      විවිධාකාර හා ඝෝෂාකාරී ශබ්ද යතුරු පුවරුව භාවිතා කිරීමේදී පරිගණකයේන නිකුත්වෙයි
6.      විවිධ රූප හා වලනය වන චිත්‍රක (ග්‍රැෆික්) පරිගණකයේ තිරය පුරා දැකීමට ලැබේ
7.      කියවා තේරුම් ගැනීමට ඉතා අපහසු නම් සහිත ෆයිල් හා ෆෝල්ඩර් දැකගැනීමට ලැබේ
8.      විටින් විට ධාරිතාවය (ෆයිල් සයිස්) වෙනස් වෙමින් ෆයිල් විශාලවෙයි
9.      වෙනදා සුපුරුදු රටාවෙන් බාහිරව වැඩසටහන් ක්‍රියාත්මක වෙයි
10.  පරිගණකයේ ප්‍රධාන මතකය (රැම්) වෙනත් අවස්ථාවන්ට වඩා බොහෝ සෙයින් පිරී පවතී

මෙම ලක්ෂණ එකක් හෝ කිහිපයක් පෙන්නුම් කරනවා නම් ඔබේ පරිගණකය වෛරස් ආසාදනයකට ලක්වී ඇත.

වෛරස් වල අන්තර්ගත වන්නේ මොනවාද?
1.      ප්‍රතිවර්තකය හෙවත් වෛරස් එන්ජිම (replicator/ engine) - වෛරසය නැවත නැවත පිටපත් කිරීමේ කාර්යය සිදුකරයි
2.      සුරක්ෂකය (safeguard) - ප්‍රතිවෛරස් මෘදුකාංග වලින් බේරී හැංගී සිටීමට උපකාරීවෙයි
3.      ප්‍රේරක අධීක්ෂකය (trigger monitor) - පරිගණකය තුල යම් විශේෂිත තත්ත්වයක් ඇති වන තෙක් බලා සිටියි. මෙය යම් විශේෂිත දිනයක්, වේලාවක් හෝ යතුරු පුවරුවේ යම්කිසි විශේෂ යතුරක් එබීම වැනි අවස්ථාවක් විය හැකිය.
4.      අයබර (Payload) - ප්‍රේරිත තත්ත්වය ඇතිවූ වහාම වෛරසයේ ක්‍රියාකාරීත්වය ආරම්භවේ. වෛරසය මගින් බලාපොරොත්තු වන විනාශකාරී තත්ත්වය ඇති කරයි. 

වැදගත් - වෛරස් පහරදීමක් සිදුවී ඇතැයි සැකසිතූවිටම බොහෝදෙනා කරන්නේ පරිගණකය වසා දැමීමයි (shutdown). නමුත් ඔබ නොදන්නවා ඇති බොහෝ වෛරස් බලාගෙන ඉන්නේ පරිශීලකයා විසින් පරිගණකය වසා දමනා (shutdown) තෙක් බව. එයට හේතුව ඊළඟ අවස්ථාවේදී පරිගණකය නැවත පණගැන්වීමේදී (restart) වෛරසයට තමන්ට අවශ්‍ය සියලූම ස්ථානයන්ට රිංගා ගැනීමටත් පද්ධති මෘදුකාංගය (operating system) අස්සේ හැංගී සිටීමටත් මෙසේ පරිගණකය නැවත පණ ගැන්වීමක් අත්‍යාවශ්‍ය වන නිසායි. බොහෝ වෛරස් වලට පද්ධති මෘදුකාංගය (operating system) සක්‍රීයව සිටිද්දී තමන්ට උවමනා කාර්යයන් කරගැනීමට අපහසුයි. එවැනි වෛරස් වලට මෙසේ පරිගණකය නැවත පණගැන්වීමෙන් (restart) සිදුකරන්නේ අපි විසින්ම වෛරසයට උපකාර කිරීමක්.
එනම් කළයුත්තේ වෛරස් ඉවත් කිරීම‍ට හැකි හා ඒ පිළිබදව දැණුම සහිත පුද්ගලයෙකුගේ සහාය ලබාගැනීමයි. ඔබ රැකියා ස්ථානයේ පරිගණකය භාවිතා කරද්දී මෙවැනි තත්ත්වයක් ඇතිවුවහොත් එහි වරද ඔබේ පිටට පැටවේවියයි බයෙන් කිසිවෙකුටත් නොකියා ඉන්න එපා. වහාම අදාල අයිටී ඉංජිනේරුවන්ව දැණුවත් කරන්න. එසේ නොකර සිටීමෙන් ඔබ කරන්නේ වෛරසය කාර්යාලයේ මුලු පරිගණක ජාලයටම පැතිරීයාමට උපකාරීකිරීමයි.
මතක තබාගන්න වෛරස් පහරදීමක් සිදුවූවහාම
1.      එම පරිගණකය ජාලයෙන් ගලවා ඉවත් කරන්න.
2.      එය වසා නොදමන්න(shutdown)
3.      අයිටී ඉංජිනේරුවන්ට නොදන්වා නැවත පණගැන්වීමෙන් (restart) වළකින්න
4.      වහාම අයිටී ඉංජිනේරුවන්ව දැණුවත් කරන්න

No comments:

Post a Comment