Tuesday, October 16, 2012

උත්තර ලුහුබැඳීමේ කලාව-2 පාඩම (කේරී විදුහලේ ප්‍රශ්නයක්)



උත්තර ලුහුබැඳීමේ කලාව යටතේ දෙවැනි පාඩමෙන් මම පෙන්වන්නම් තවත් ප්‍රශ්නයකට උත්තර නිවැරදිව ලියන ආකාරයත් උත්තර ලිවීමේදී අපි නොදැනම අපිට වරදින තැන් මොනවාද කියන එකත්.

මේ තියෙන්නේ කොළඹ කේරී විද්‍යාලයේ 11 වසර වාර විභාගයේ තොරතුරු තාක්ෂණය ප්‍රශ්න පත්තරයේ 13 වැනි ප්‍රශ්නයයි. මේ ප්‍රශ්න පත්තරය මම දැකපු ගොඩාක් හොද ප්‍රශ්න පත්තරයක්. මේකේ නිකම්ම උත්තර ගන්න පුලුවන් ප්‍රශ්න වලට වඩා මහන්සියෙන් තාර්කිකව උත්තරය කරා යායුතු විදියට සකස් කරපු ප්‍රශ්න රැසක්ම තියෙනවා. මම මේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය මීට කලින් උත්තරත් එක්කම ඉදිරිපත් කලා මතක ඇති නේද? මෙන්න ඒ ලිපිය මෙතනින්...

ඔයාලත් ප්‍රශ්නය කියවලා ගණන හදලා උත්තරයක් තෝරාගන්න. මෙන්න ප්‍රශ්නය.

The simplified output of the logic circuit shown below is …….



මේ ගණන මම මගේ පන්තියක ළමයින්ට හදන්න දුන්නා. හරි උත්තරයට ගියේ බොහොම ටික දෙනයි. හේතුව ගණන හරියට නොසෑදීම නෙමෙයි. ප්‍රශ්නය හරියට නොකියවීම.

හරි අපි දැන් මේ ගණන හදලම බලමු.

කිසිම අමාරුවකින් තොරවම උත්තරය ආවා. (1) තමයි උත්තරේ.
ඒත් හරිද? නෑ. උත්තරේ (1) නෙමෙයි. මේතරම් පැහැදිලිව උත්තරය පේන්නම තියෙද්දිත් ඇයි වැරදියි කියන්නේ?

දැන් බලන්න ප්‍රශ්නයේ තියෙන්නේ simplified output කියලා නේද? මේක අමතක වුනොත් හෝ උඩින් පල්ලෙන් ප්‍රශ්නය කියෙව්වොත් හරි උත්තරය වැරදෙනවා. අපි ගණන හදලා ගත්තු උත්තරය හරි උනත් උත්තරේ (1) නෙමෙයි. මේ තියෙන්නේ simplified output එක එනම් සරල කරන ලද පිලිතුර නෙමෙයි.

දැන් අපි මේ පිලිතුර simplified output බවට පත් කරමු.


දැන් බලන්න මෙහෙම උත්තරයක් තියෙනවද කියලා. ඒ අණුව අපිට පේනවා පිලිතුර (3) කියලා.

මතක තියාගන්න කිසිම විටෙක ගණක් හදල උත්තරයක් දැක්ක පලියට වැඩේ ඉවරයි කියල හිතන්න එපා. මම කලින් පාඩමේදී කිව්වා මතක ඇති “ප්‍රශ්න වලට උත්තරය ප්‍රශ්නය තුලම හංගා ඇත” කියන කතා. ඉතින් මෙතනදීත් ප්‍රශ්නය හරියට කියෙව්වානම් ඔයාලාව අමාරුවේ නොවැටී උත්තරය වෙතට එක වරම යන්න ලැබෙනවා.


එහෙමනම් ගුරු ගේ අද දවසේ අවවාදය වෙන්නේ ප්‍රශ්නය හරියට කියවන්න කියන එකයි.

හොඳ නරක කියලම ගියොත් ඉදිරි පාඩම් වලට මට ලොකු අත්වැලක්.

හැමටම ජය
ජාලගුරු

2 comments:

Anonymous said...

Wow..
Just came to your blog. this is really helpful.
this reminds me my school time.
Thanks anyway. Good luck.

ජාල ගුරා said...

Thank you Ano.Also please visit and comments on post.

Post a Comment