Friday, October 19, 2012

උත්තර ලුහුබැඳීම-3පාඩම (කේරි විද්‍යාලයෙන් තවත් ප්‍රශ්නක්)

ගුරාගේ අද දවසේ උපදේශය වන්නේ "සාමාන්‍ය දැනීම භාවිතා කර ප්‍රශ්නයට ඔබ තේරූ උත්තරය තාර්කික ද නැත් ද යන්න සලකා බලන්න" කියනා එකයි.



උත්තර ලුහුබැඳීමේ කලාව (3 වන පාඩම)
උත්තර ලුහුබැඳීමේ කලාව යටතේ තුන්වැනි පාඩම තමයි මේ.  කේරි විද්‍යාලයේ ප්‍රශ්න පත්තරයෙන්ම මම තවත් ප්‍රශ්නයක් තෝරාගත්තා.

         A person has two options to go to the office; either by bus or car. Which of the following logical operation(s) correctly represents this scenario?

(1)  OR                        (2) XOR          (3) XNOR        (4) OR and NAND

ප්‍රශ්නය තේරුම් කලොත්,යම් පුද්ගලයෙකුට කාර්යාලයට පිටත්ව යාම සඳහා ක්‍රම දෙකක් තිබෙනවා. ඒ කාරයෙන් හෝ බසයෙන් යන දෙ ආකාරයයි. මෙම අවස්ථාව තාර්කික ද්වාර භාවිතයෙන් පෙන්වන්නේ නම් කුමන ද්වාරය/ද්වාර සාර්ථක වේද? 

දැන් සුපුරුදු පරිදි ඔයාලා හිතෙන් ගණන හදල උත්තරයක් ගන්න.


දැන් අපි බලමු ගත්තු උත්තරය හරි ද වැරදි ද කියලා. 
ගොඩාක් දෙනා උත්තරය ගනිද්දී මේ ප්‍රශ්නය තුලම ඇති either by bus or car කියන වචන කිහිපය දැකපු ගමන්ම තීරණට එනවා මේක OR Gate එකක්විය යුතුයි කියලා. එහෙම හිතන එක ඉතාම සාධාරණයි. OR ද්වාරයේ එක් පාදයක් “කාරය” ලෙසත් අනිත් පාදය “බසය” ලෙසත් ගත්තොත් පහසුවෙන් මේ වැඩේ කරගන්න පුලුවන් නේ. ඒත් එහෙමයි කියල උත්තරය OR ද්වාරය කියලා ගත‍්තොත් වැරදෙනවා.

ඇයි වැරදෙන්නේ? හේතුව දැනගන්න අයිටී කාරයෙක් හෝ තාර්කික ද්වාර ඉගෙන ගත්තු ඉංජිනේරුවෙක් වෙන්නම ඕනෙ නෑ. 


සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කළා නම් ඒ උත්තරය වැරදියි කියල තේරෙනවා.

“වාහන දෙකම ආවොත් කොහොමද එක මිනිහා වාහන දෙකක එක පාරට යන්නේ?” 


ඔන්න ඕක තමයි මේ ප්‍රශ්නේ තියෙන හොඳම පොයින්ට් එක. ළමයින්ව අමාරුවේ වට්ටන්න ඉතාම සූක්ෂම විදියට මේ ප්‍රශ්නය හදල තියෙනවා. පෞද්ගලිකව ගුරා නම් කැමතිම මේ වගේ අභියෝගාත්මක ප්‍රශ්න පත්තර වලට තමයි. ඕක නොතේරුන කෙනෙක්ට මේ ප්‍රශ්නයට උත්තරය නිවැරදිව හොයාගන්න බෑ. 

එහෙමනම්

  1.           වාහන දෙකම ආවොත් ද්වාරය විවෘත නොවී තියෙන්න ඕනේ
    2.       එක වාහනයක් පමණක් ආවිට ද්වාරය විවෘත වෙන්න ඕනේ
    3.       වාහන එකක්වත් නාවොත් ද්වාරය විවෘත වෙන්න ඕනෙ නෑ

දැන් එහෙනම් බලන්න අනිත් ද්වාර වලින් උත්තරය මොකක් ද කියලා.





උඩින් තියෙනා හැම ද්වාරයකින්ම A, B දෙකම බිංදුව ලෙස තිබියදීත් ප්‍රතිදානය 1 වශයෙන් නිකුත් වෙනවා. ඒකියන්නේ වාහන (කාරය හෝ බසය) දෙකෙන් එකක්වත් ආවේ නැතුවත් මේ පුද්ගලයාට කාර්යාලයට යන්න පුලුවන්. ඒවගේමයි වාහන දෙකම එකවර පැමිණියොත් එතනදීත් ගැටලුවක් ඇති වෙනවා.

දැන් XOR ද්වාරය සලකා බලන්න. 


ඉහත කිසිම ප්‍රශ්නයක් මෙහිදී ඇති වෙන්නේ නෑ. එසේනම් අපේ පිලිතුර විය යුත්තේ XOR ද්වාරය සහිත (2) පිලිතුරයි.

ගුරාගේ අද දවසේ උපදේශය වන්නේ “සාමාන්‍ය දැනීම ද භාවිතාකර ප්‍රශ්නය‍ට ඔබ තෝරන උත්තරය තාර්කික දැයි විමසා බලන්න” කියනා දෙයයි.

එහෙනම් අදට ඔච්චරයි.

ජයෙන් ජය ජයපිට ජය වේවා.
ජාලගුරා




1 comment:

Suranga said...

Highly appreciate your effort machan deleepa.
suranga

Post a Comment