Sunday, October 14, 2012

උත්තර ලුහුබැඳීමේ කලාව



ප්‍රශ්න අධ්‍යයනය කිරීම තුලින් උත්තර ලුහුබැඳීමේ කලාව






මේ උඩින්ම තියෙන්නේ 2009 වසරේ සා.පෙල විභාගයේ පළමු ප්‍රශ්න පත්තරයේ පළවෙනි ප්‍රශ්නයි. ඇයි මේ එක ප්‍රශනයක් දාගෙන කියලා හිතන්න එපා. මම වෙනදා නම් කරන්නේ ඔක්කෝම ප්‍රශ්න ටික දාලා උත්තරත් ඒ එක්කම දාන එකයි. හැමදාම ඒ ක්‍රමය කළොත් කිසිම ළමයෙක් අලුතෙන් යමක් ඉගෙන ගන්නෙ නෑ. ළමයිනුත් ප්‍රශ්න වලට උත්තර පාඩම් කරගෙන ඉන්න පුරුදු වෙනවා. 

ඒත් ඇත්තෙන්ම කරන්න ඕනේ තර්කානුකූලව උත්තරය වෙතට ලං වෙන එකයි. ගුරුවරු  තර්කානුකූලව උත්තරය වෙත ළංවෙන විදිය බලන් ඉන්න ළමයි ඒ ක්‍රමය පුරුදුවෙනවා. හැබැයි මහ කකුලුවත් යන්නේ හරහට නම් ගෝලයෝ ටිකත් හරහටමයි යන්නේ. මමත් හැමදාම ප්‍රශ්නයි උත්තරයි විතරක් දැම්මොත් මගේ අන්තර්ජාල ගෝලයොත් හරහටම යන්න පුරුදුවෙයි. 

ගොඩාක් සාපෙල ටියුෂන් වලදී කරනා දෙයක් තමයි එකවගේ ප්‍රශ්න, ගණන්, රචනා 500ක් විතර ලියවල ළමයාව හොඳට පුරුදු කරවන එක. ඒවා දකින ළමය යි ළමයගේ දෙමව්පියොයි හැමෝම කියන්නේ “අර සර් නම් නියමයි ගණන් මෙච්චරක් හැදෙව්වා. දැන් අපේ එකාට ගණන් වතුර වගේ ලේසියි.” ඒකෙන් ගුරාගෙ මඩියත් තරවෙනවා ළමයත් සතුටුයි ඔක්කොටම වඩා අම්මලා සතුටුයි, ඉතින් ඔය වැඩේ හැමදාටම කෙරීගෙන යනවා. හැබැයි ළමයින්ගේ මොලේ මොට්ට වෙනවා. උන් දන්නෑ තර්ක කරන විදිය. එකවගේ ගණන් හරි රචනා හරි බර ගානක් ලිව්වම ඕවයින් එකක් හරි විභාගෙදි ඉබේටම සෙට් වෙනවා. නැතුව අර කටපාඩම් කරවපු ගුරුවරයා මහ ‍ලොකු කෙරුමෙක් හින්දා නෙමෙයි. හැබැයි මම මේ හැම සාපෙල ගුරුවරයෙකුටම චෝදනා කරනවා නෙමෙයි. සමහරු මෙහෙමයි. 

මේ කටපාඩම් රටාව වහාම වෙනස් වෙනවා උසස් පෙල දී. උසස්පෙල ගුරුවරු අර කලින් කියපු සාපෙල ගුරුවරු වගේ එකවගේ ගණන්, රචනා හෝ ප්‍රශ්න ටොන් ගණන් හදවන්නෑ. එකෙන් එකයි. ඉතින් ඔය ක්‍රමය අල්ලගන්න බැරි උනොත් විද්‍යා ගණිත විශයන් කරන්න බැරිවෙනවා. අන්න එහෙම අය තමයි අතර මැදදී වෙනත් විෂයන් වලට පනින්නේ. වානිජ්‍යය උනත් හරියට කරද්දී කටපාඩම් කරල කරන්න පුලුවන් එකක් නෙමෙයි.

දැන් සාපෙලත් ළං වෙන හින්දා අද ඉඳන් ටිකක් වෙනස් විදියේ පාඩම් වැඩක් කරන්න හිතුවා. මගේ පන්ති වලදී නම් මම ගෝලයින්ට නිකම්ම උත්තර කියල දීල ඉන්නේ නෑ. උත්තරයට ළඟාවෙන විදිය, තර්ක කරන හැටි හෙමින් හෙමින් පැහැදිලි කරනවා.  අන්තිමේදී උත්තරයට ළං උනාම උන්ගේ මූණුවල තියෙන ජයග්‍රාහී හැඟීම දකින්න මම හරිම ආසයි. මහා ලොකු දෙයක් කරගත්තා වගේ පන්තියේ ළමයි සන්තෝෂ වෙනවා දකින කොට ගුරුවරයා විදිහට මම ඊට වඩා සන්තෝෂ වෙනවා. මම ඒකට ඒ තරම්ම ඇබ්බැහිවෙලා ඉන්නේ. ඒත් මේ ඉන්ටර්නෙට් පන්තියේ මේ පැහැදිලි කිරීම් ඒ ආකාරයෙන්ම කරන්න ටිකක් අමාරුයි. ඒකෙන් වෙන්නේ අන්තර්ජාලයේ මගේ ගෝලයන්ට පාඩුවක් වෙන එකයි කියලා මට හිතුන නිසා දිගින් දිගට කල්පනා කරලා ක්‍රමයක් හොයාගත්තා.

ඉතින් හැම ප්‍රශ්නයකටම නැති උනත් ඉතාම වැදගත් ප්‍රශ්න වලට හෝ උත්තර ලුහුබැඳීමේ කලාව උගන්වන්න මම තීරණය කලා. මම ඉස්සර ඉඳන් පිලිගත්තු දෙයක් තමයි “ප්‍රශ්න වලට උත්තරය ප්‍රශ්නය තුලම හංගා ඇත” කියන කතාව. සාමාන්‍ය ජීවිතේ දේවල් වලදී කොහොම වෙතත් අයිටී වලනම් මේක 90% ඇත්ත. ඉතින් අද මේ පාඩම යටතේ පළමු දවස හින්දා මම පෙන්වන්නම් 2009 පළමු ප්‍රශ්නයට තර්කාණුකූලව උත්තරය ගන්නේ කොහොමද කියන එක.

..............මෙන්න ප්‍රශ්නය...........................................




ප්‍රශ්නය වන්නේ රෝගියාගේ උණ තත්ත්වය පිළිබඳව තොරතුරු වෛද්‍යවරයාට ලබා දෙන්නේ කුමන ක්‍රමයෙන් ද? යන්නයි. මේක දැකපු ගමන්ම නම් ඉතා සරල ප්‍රශ්නයක්. ඒත් A,B,C ප්‍රකාශනයන්  කියවගෙන යද්දී උත්තරය ගැන සැක ඇතිවෙන්න පටන් ගන්නවා. සමහරු නම් හිතයි මේවා සරල මෝඩ ප්‍රශ්න කියලා. දැන් මේ සටහන කියවන එක නවත්තල උත්තරය තමන් තනියම ගන්න. ඊට පස්සේ බලන්න උත්තරේ හරිද වැරදිද කියල. 


(A)(B)(C) යන ක්‍රම තුනෙන්ම රෝගියාගේ උණ පරීක්ෂා කළ හැකිය. එසේම මේ ක්‍රම තුනේ දීම සමාන කාල පරතර වලදී උණ මැනීම ද සිදුකර තිබෙනවා. ඒ තුලින් ලබා ගන්නා තොරතුරු මත පදනම්වී ප්‍රතිකර්ම ද කළ හැකියි. තරමක වෙනසකට ඇත්තේ (C)  ක්‍රමය කරමක් දීර්ඝ හා සංකීර්ණ එකක් වීමයි. නමුත් මෙහිදී එම සංකීර්ණතාවය හෝ දීර්ඝභාවය අපට අදාල නොවේ. 

එසේනම් මෙහි පිළිතුර වන්නේ (4) වැනි එකයි.

දැන් අවංකව බලන්න ඔබේ උත්තරය හරි ද වැරදි ද කියලා. වැරදි නම් පහලට කියවගෙන යන්න ඇයි වැරදුනේ කියල හොයාගන්න. හරි නම් ඒත් කියවන්න. මොකද ඔබ උත්තරය තෝරගත්තේ කනාවට ද නැත්නම් හරියටම තර්ක කරල දැනගෙන ද කියන එක බලාගන්න.

ඇත්තටම උත්තරය (4) නෙමෙයි. උත්තරය වන්නේ (3) එනම් (C) ප්‍රකාශය පමණක් හරිය යන උත්තරයයි.
තර්ක නොකර උනත් කෙනෙකුට හිතන්න පුලුවන් මේකේ උත්තරය (3) කියලා. එහෙම වෙන්නේ (C) ප්‍රකාශයේ සංකීර්ණභාවය ගැන හිතලයි. ඒකේ ප්‍රස්ථාර අඳින, තර්මෝමීටරයක් භාවිතා කරන ගොඩක් සංකීර්ණ ක්‍රමයක් තියෙන හින්දා නිකං සැකේට වගේ උත්තරය මේක තමයි කියල හිතන්නත් පුලුවන්. නමුත් ඒක නිකං කනා පාරක් විතරයි. 

දැන් බලන්න තාර්කිකව උත්තරයට ළංවෙන හැටි.

මම කලින් කිව්වා ව‍ගේම (A)(B)(C) යන ක්‍රම තුනෙන්ම රෝගියාගේ උණ පරීක්ෂා කළ හැකියි. එ වගේම මේ ක්‍රම තුනේ දීම සමාන කාල පරතර වලදී උණ මැනීම ද සිදුකර තිබෙනවා. දැන් මම ඔබේ මතකය‍ට ගෙනෙනවා පහතින් දැක්වෙන කරුණු කිහිපය.

තොරතුරු සැමවිටම අදාල කාර්යය සඳහා,
1.       ප්‍රමාණවත් විය යුතුය
2.       නිවැරදි විය යුතුය
3.       භාවිතා කරන්නාට පැහැදිලිව තේරුම් ගත හැකි විය යුතුය

දැන් බලන්න ඉහත (A)(B)(C) යන ප්‍රකාශ තුන තාර්කිකව අධ්‍යයනය කරලා.

(A) (B) යන ක්‍රම දෙකෙන්ම ලෙඩාගේ උෂ්ණත්වය බලාගත හැකි වුවත් සංඛ්‍යාත්මක නිශ්චිත සෙල්සියස් අගයන්ගෙන් ඉදිරිපත් කිරීමට නොහැකි ක්‍රම දෙකකි. එනම් එසේ උණ මැනීමෙන් ලැබෙනා පිලිතුර නිවැරදි නැත. ඒවගේම නිශ්චිත සෙල්සියස් අගයන්ගෙන් ඉදිරිපත් කිරීමට නොහැකි බැවින් අදාල කාර්යය සඳහා ප්‍රමාණවත් ද නැත. නිවැරදි ප්‍රතිකර්මයන් සඳහා වෛද්‍යවරයෙකුට භාවිතා කිරීමට තරම් පැහැදිලි ද නැත. අවසාන වශයෙන් කෙසේහෝ ලබාගත් උෂ්ණත්වයන් සටහන් කර තබා ගැනීමක් ද කරන්නේ නැත.

දැන් බලන්න (C) ප්‍රකාශය. එහි දී තර්මෝමීටරයක් භාවිතා කර පැයෙන් පැයට උෂ්ණත්වය සටහන් කරගෙන පසුව ප්‍රස්ථාරයක ක්‍රමවත්ව සටහන් කර දක්වනවා. මෙම ප්‍රස්‍ථාරය පරීක්ෂාකරන ඕනෑම වෛද්‍යවරයෙකුට රෝගියාගේ උණ  පිලිබඳව නිවැරදි නිගමනයකට එන්න පුලුවන්. ඒ අණුව (C) ක්‍රමයෙන් ලැබෙනා තොරතුරු ප්‍රමාණවත්ය, නිවැරදිය, භාවිතා කරන්නාට පැහැදිලිව තේරුම් ගත හැකිය.

දැන් අපිට ඉතාම පැහැදිලිව පිලිතුර (3) එනම් (C) ප්‍රකාශය පමණක් හරිය යන්න ‍සැක හැර තෝරාගන්න පුලුවන්.

....................
ඔන්න එහෙමනම් අදට මම එක ප්‍රශ්නයක් පමණක් සාකච්ඡා කරලා නවතිනවා. මින් පස්සේ තවත් ප්‍රශ්න සඳහා තර්කානුකූලව උත්තරය වෙතට යන ආකාරය දිගටම පැහැදිලි කරන්න මම බලාපොරොත්තු වෙනවා.
මේ ආකාරයට උත්තරවෙතට ළංවෙන හැටි ඉගෙන ගත්තොත් ඔයාලගේ වටිනා කාලය විභාගයේදී ඉතුරු කරගන්නත්, බොරුවට ප්‍රශ්න ගොඩාක් කර කර කාලය ගත කරන්න වෙන එකත් නැතිවෙනවා.

එහෙමනම් ගුරු ගේ පාඩම අදට මෙච්චරයි. හොඳ නරක කියලම ගියොත් ඉදිරි පාඩම් වලට මට ලොකු අත්වැලක්. ඒ අත්වැල තුලින් මගේ අන්තර්ජාල ගෝල කැලට තවතවත් වටිනා යමක් ලබාදෙනවා කියල මම පොරොන්දු වෙනවා.

හැමටම ජය
ජාලගුරු


3 comments:

Anonymous said...

First of all I want to say excellent blog! I had a quick question which I'd like to ask if you don't mind.

I was interested to find out how you center yourself and clear your head prior to writing.
I have had a tough time clearing my thoughts in getting my thoughts out.
I do enjoy writing however it just seems like the first 10 to 15 minutes
are usually wasted simply just trying to figure out how to begin.
Any ideas or tips? Cheers!
Also visit my homepage ... pornrecon.com

Anonymous said...

First of all I want to say excellent blog! I had a quick question which I'd like to ask if you don't mind.

I was interested to find out how you center yourself and clear your head prior to writing.
I have had a tough time clearing my thoughts in getting my thoughts out.
I do enjoy writing however it just seems like the first 10 to 15 minutes
are usually wasted simply just trying to figure out how to begin.
Any ideas or tips? Cheers!

දිලීප ඉලංගකෝන් said...

Dear Anonymous
First of all thanks for your comment on my blog.

Answering your question, I do spend first 15mins (sometimes 30 mins) of the exam for reading and arranging a proper start. I dont think its as a wasting of time. Because if I am not structured well prior to beginning of answering I will be in troubles in between the answering process.

Therefore first clear your mind and read the question, understand what the question asking from us, load the facts you know about it, structure your facts according to the question finally write in proper language.

Wishes for you
thanks
Guru

Post a Comment