Tuesday, October 23, 2012

බූලියන් ඇල්ජී(බ්‍රා) උගන්වා කෙළවා ගතිමි

ලියන්න හිතන් උන්නු ලිපිය ලියන එක පැත්තක දාලා ගුරාට සිද්ධවුනා බූලියන් ඇල්ජී(බ්‍රා) යන නමෙන් හදිසි ලියුං කෑල්ලක් දාන්න. මේකත් ගුරාට උන අස්පට් එකක්.

හෙඩින් එක දැක්ක ගමන්ම ඇම්ඩන් ටයිප් එකේ උන්ටනම් ක්ලික් වෙන්න ඇති මොකක් ගැනද මේ කියන්න යන්නේ කියලා. වෙච්චිදේ පිලිවලටම කියන්නම් වැඩි රසබර ආටෝප නොදාම.

මේ කේස් එක උනේ මම අයිටී ගුරුකං කරන්න යන කිරිබත්ගොඩ පිහිටි ආයතනයකදියි. 10 වසර පන්තියේ ළමයි 15ක් විතර ඉන්නවා. ඒකෙනුත් කෙල්ලො තමයි වැඩිම දෙනෙක්. කොල්ලො ටික කෙල්ලො වගේ කටවහන් පාඩුවේ ඉන්න පංතියක් මේක. හැබැයි ඒ ඔක්කෝටම හරියන්නත් එක්ක කෙල්ලෝ දෙන්නක් ඉන්නවා. උන් දෙන්නට තියෙන්නේ කටවල් නෙමේ ටකරං. කොල්ලෝ ටික ඉස්සරහ පේලිවල ඉන්න පුරුදුවෙලා තිබ්බ හින්දා මුන්‍ දෙන්නා හැමදාම ඉන්නේ අන්තිම පේලියේ.  (උන් දෙන්නා මේ බ්ලොග් බලනවා තියා මෙහෙම ඒවා තියෙනවද කියලවත් දන්නෑ.)

පන්තියට සුපුරුදු විදිහට පාඩම් උගන්න අතරේ එදාට නියමිතව තිබූ බූලියන් ඇල්ජීබ්‍රා පාඩම මම පටන් ගත්තා. හැමෝම හරිම  උනන්දුවෙන් මේ අලුත් පාඩම අහගෙන ඉන්නවා. ඒත් අර ගෑණු ළමයි දෙන්නා ටිකක් වෙනස්. තනියම හිනාවෙනවා, මූණට මූණ බලන් චාටර් එකට වගේ හිනා වෙනවා, මේස ලෑල්ලේ කුරුටු ගානවා එක එක වැඩ ‍කරනවා මිසක් මුන් දෙන්නා පාඩම අහන් ඉන්නෑ කියලා මට තේරුණා.

ටික වෙලාවක් යද්දී තමයි මට මීටර්වුනේ ඇල්ජීබ්‍රා කියද්දී මුන් දෙන්නා හිනාවෙනවා කියලා. දෙන්නම් බොලාට වැඩේ කියල හිතාගෙන මමත් පුලුවන් තරම් ඇල්ජීබ්‍රා කියන වචනෙම කියෙව්වා. දැන් ඩබලටම හෙන ආතල්. මට මේක තේරුණේ නෑ කියල හිතාගෙන මුන් තව තවත් හිනාවෙනවා. අනේ ‍අපොයි අපේ කොල්ලො 5 දෙනානම් මෙලෝ දෙයක් තේරිලා නැතුව උන්ගේ පාඩුවේ පාඩම අහන් ඉන්නවා.

"ඇයි මම වැරදි වචනයක් කිව්වද?" කියලා මම පංතියේ පිටිපස්ස දිහා බලලා ඇහුවා. 
"නෑ සර්" පැනපු ගමන් අර දෙන්නගෙන් කෙනෙක් කිව්වා. "එහෙනම් සද්ද කරන්නැතුව පාඩම අහගන්න" මම ටිකක් කේන්ති ගිය බව පෙන්නලා තදින් කිව්වා.

පැය බාගයක් විතර මේ විදිහට පංතිය කරගෙන ගියා. පොඩි ප්‍රශ්නයක් හදන්න දීල මම ගියා පිටි පස්ස පේලියට පැත්තට. මම එනවා දැක්ක ගමන් දෙන්නාම ගාන හදන්න පටන් ගත්තා. 

"හරි හිටපල්ලකො ඔහොම" කියල හිතාගෙන මම පංතිය වටේ රවුමක් ඇවිදින්න ගත්තා. මම එතනින් අහකට වෙලා ටිකක් දුරට ගිහින් අන්තිම පේලිය දිහා එකපාරටම හැරිලා බැලුවා. එක පාරටම A4 කොලයක් උන්ඩි කරලා ඉස්සරහ පේලියේ ගෑණු ළමයි අතට දෙනවා මම දැක්කා. ඒක නොදැක්ක ගානට මම පංතිය වටේ ගිහින් ගුරු මේසෙ හා ගුරු පුටුව කියල කෝකටත් තෛලෙ වගේ තිබුණු දම්රෝ ප්ලාස්ටික් පුටුවෙ වාඩිවුනා.

අර A4 කොලේ තියෙන්නේ මොනවද කියල බලන්නත් මට උවමනාව තිබ්බට කොල්ලන්ගෙන් වගේ සැරකරල ඉල්ලන්නත් ටිකක් අමාරු හින්දා තවත් පැය කාලක් එහෙමම හිටියා. ඒකෙන් උනේ මගේ වැඩේ ලේසි වෙච්චි එකයි. ඉස්සරහ පේලියේ කෙල්ලන්ගේ අවධානය අහක‍ට වෙනකන් ඉඳලා මම බලාගත්තා කොලේ හංගපු තැන.

කල් යල් බලලා මම ප්‍රශ්නයකුත් බෝඩ් එකට දාලා අදාල තැනට ගිහින් අර පොත ඉල්ලුවා. ලෝකෙ තියෙන ඔක්කොම බොරුකියලා පොත නොදී ඉන්න හැදුවත් මම කොහොම හරි බලෙන්ම වගේ පොත අරගත්තා.

මෙන්න අර කොලේ තිබුණ දේ.

Boolean Algebra 
Alge bra
බ්‍රා

එච්චර විතරක් යැ මුන් ඒකෙ රූපෙකුත් ඇඳලා.

කොල්ලේටික කොච්චර හොඳද කියල හිත හිතා මම මගේ දම්රෝ පුටුවටම වෙලා පාඩම ඉවර වෙනකම්ම හිටියා.

-ගුරා-

4 comments:

Chanaka Munasinghe said...

:) Hikz

හරී said...

හි..හි.. වල් කෙල්ලෝ..

Anonymous said...

kelantath bra eka magin nam puwak walu wenna athi!!!

අටම්පහුර said...

දැන් නොලියන්නේ මන්ද

Post a Comment