Saturday, October 13, 2012

(IT/BPO) සේවා තුලින් ලංකාව ලෝකයේ පළමු 20 අතර



තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාපටිපාටි බාහිරකරණය (IT/BPO) සේවා තුලින් ශ්‍රී ලංකාව ලෝකයේ පළමු 20 අතර - The Tholons 2012 Top 100 වාර්තාව

The Tholons 2012 Top 100
වාර්තාව ලෝකයේ තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාපටිපාටි බාහිරකරණය (IT/BPO) සේවාවන් තුලින් ඉහලින්ම සිටිනා රටවල් හා නගර හඳුනාගෙන තිබෙනවා. ඒ අණුව ශ්‍රී ලංකාව පළමු රටවල් 20 අතරට පැමිණ තිබෙනවා. රට තුල සිදුවමින් පවතින සංවර්ධන ප්‍රස්තූතයන් හේතුවෙන් ශ්‍රී ලංකාව ඉතා පැහැදිලිවම ලෝකය තුල බාහිරකරණ ක්ෂේත්‍රයේ දකුණු ආසියානු කලාපය තුල කැපී පෙනෙන්ට පටන් ගෙන ඇතිබව ඔවුන් පවසනවා.

රටේ ආරක්ෂිත තත්ත්වයේ හා දේශපාලනයේ ඇති යහපත් බව මූලික හේතූන් ලෙස ඉස්මතු කර දක්වන එම වාර්තාව බොහෝ  මූල්‍ය හා විගණන බාහිරකරණ ආයතන FAO (finance and accounting outsourcing), මෘදුකාංග සංවර්ධන සමාගම් හා ඊට අමතරව විගණකයින් හා මෘදුකාංග ඉංජිනේරුවන් (accountants and software engineers) ගේ ලංකාව පිලිබඳව ඇති උනන්දුව වැඩිවීමට හේතුව ලෙසද දක්වා ඇත්තේ රට තුල ඇති වර්තමාන දේශපාලන තත්ත්වයයි.

2012 වසරේ වාරතාව තුල දකුණු ආසියාවේ නගර 14 ක් හඳුනාගෙන ඇති ඔවුන් කොළඹ නගරය සමස්ථ ලෝක වාර්තාවෙන් 19 වැනි ස්ථානයට තෝරා තිබෙනවා.
මෙම වාර්තාවන්ගෙන් ආදර්ශ ලබාගත් ලොව ප්‍රභලම තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාපටිපාටි බාහිරකරණය (IT/BPO) ආයතනයක් වන Mphasis සමාගම (HP සමායමට අයත්ය) තමන්ගේ ශාඛාවක් ඩයලොග් හා එක්ව කොළඹ දී ආරම්භ කරනලදී.


No comments:

Post a Comment